ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලයි
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා භික්ෂූන් වහන්සේලා කිහිපනමක් ජනාධිපති ලේකම් කාර්යාලයට වැඩම කළහ.
මෙම අවස්ථාවට බෙංගමුවේ නාලක,තල්ගමුවේ සුධිරානන්ද,දියසෙන්පුර විමල,මාගල්කන්දේ සුදත්ත යන හිමිවරු එක්ව සිටියහ.
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා ජනාධිති මෛත්රීපාල සිරිසේන මහතාට බාරදීමට සකස් කළ ලිපියකට මෙම භික්ෂූන් වහන්සේලා අත්සන් කර තිබේ.
එම ලිපියේ අවසානයට
“ඔබතුමා ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයාට ජීවිත දානය දීමට තරම් ඔබතුමා සංවේදී නායකයෙකු විය. එය මුළු මහත් සමාජයටම ආදර්ශයක් විය. දැන් ඔබතුමාට තවත් සංවේදී කාරණයක් ඉතිරිව ඇත. එනම් ගමේ හැදී වැඩී, අප රටේ පළමු පුරවැසියා ලෙසත්,බෞද්ධ උපාසක මහතෙකු ලෙසටත් කල්පනා කර ඔබතුමාගේ බලතල ප්රකාරව ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන තෙක් මුළුමහත් සඟ පරපුර මෙන්ම මුළුමහත් බෞද්ධ සමාජයම බලා සිටී. ඔබට දළදා හිමි සරණයි“ යනුවෙන් දක්වා තිබේ.

popular news
-
raawana Wednesday, 03 October 2018 01:31 PM
සමාව අරගෙන චීවරයට ගරු කොට අවිහින්සකාරී ලෙස හැසිරෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

