ජුනි මස 03 දා සිට නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ජුනි 03 දා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණු පළාතෙත් කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සඑහිතත වැසි හෙට දිනයේදී බලාපොරොත්තුවන බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇතිවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
වයඹ හා මධ්‍යම පළාත්වලත් කොළඹ, ගම්පහ හා කෑගල්ල දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
