ජාති ආගම් පදනම් කරගත් පක්ෂ එපා
ජාති ආගම් කුල හා ප්‍රදේශ පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම වැළැක්වීමට නීති සකස් කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
මීට අමතරව ජාතිය හා ආගම අනුව අමාත්‍යාංශ ඇති කිරීම නවතා දැමිය යුතු බවත්, ඒ වෙනුවට ආගමික කටයුතු අමාත්‍යාංශයක් පමණක් පිහිවුවීමට නීති සකස් කළ යුතු බවත් එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අන්තවාදී ක්‍රියා කළ පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයින් නොවන බවත්, සිදුකරන මෙම ක්‍රියාවලට වන්දි ගෙවීමට සිදුවන්නේ මහජනතාවගේ බදු මුදලින් වන බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින් නව ත්‍රස්තවාදය හා අන්තවාදය මුලින් උපුටා දැමීමට අවශ්‍ය පරිදි ජාතික ආරක්ෂාවට තහවුරු වන ආකාරයේ නීති සකස් කළ යුතු බවද අද (16 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
මේ සඳහා කරුණු 11 කින් යුත් වාර්තාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට බාරදුන් බවද මහින්ද අමරවීර මහතා පවසා සිටියේය.

popular news
-
ranjith Friday, 17 May 2019 05:00 AM
දෙනාට තියෙන එවෙනි පක්ෂ තහනම් කෙරීමටත් නෙවත් ලියාපදිංචි නොකෙරීමටත් නීති ගෙන එන්න ඒ වගේම පසෙල් ජාති ආගම නම් ඒවත් කරන්න
Reply : 0 0
චමින්ද Friday, 17 May 2019 06:59 AM
දැනවත් සර්වපාක්ෂික සමුලුවක් මගින් රටට ජාතික ප්‍රතිපත්තියක් ඇතිකිරීමටත් මැතිවරණයකින් පසුව පත්වන සියලු මන්ත්‍රීන්ලා පක්ෂ විපක්ෂ ලෙස නොබෙදී රජය ලෙස රට වෙනුවෙන් වැඩකිරීම සුදුසු බවත් කියන්න ඕන.ඒ වගේම ජ්‍යෙෂ්ඨත්වය නොබලා පක්ෂ නායකයින්ට පාර්ලිමෙන්තුවේ ඉදිරිපෙළ හිමිවීමත් වහා නතරකල යුතුය නැත්නම් තවතවත් පක්ෂ ඇතිවී ජාතිය බෙදීගොස් රට සුන්විය හැකිය.දැන්වත් මැතිවරණයකින් මුලු ඡන්ද ප්‍රමාණය ලක්ෂයක්වත් නොගත් සියලු දේශපාලන පක්ෂවල ලියා පදිංචිය අවලංගු කිරීම සුදුසුය.ප්‍රාදේශීය සම්බන්ධීකරන කටයුතුවලදී ගම්මට්මමේ නිළධාරීන්ගෙන් ගමේ නගරයේ සිදුවීම් පිළිඹද වාර්ථා ගැනීමේ ක්‍රමයක් ඇතිකල යුතුය.වාර්ථා නොදී සිදුවීමක් වුවහොත් අදාල නිළධාරියා වරදකරුවෙකු කලහැති තත්වයක් ඇතිකල යුතු ය.එසේ කලවිට සියලු ප්‍රශ්ණ විසදාගත හැකිවේවි
Reply : 0 0
Nimal Fernando Friday, 17 May 2019 08:31 AM
ජාති ආගම් කුල හා ප්‍රදේශ පදනමින් නැති දේශපාලන පක්ෂ වල නායකින් සුළු ජතිකින්ට කරන විනාස වලට මොකද කරන්නේ
Reply : 0 0
Champa Friday, 17 May 2019 10:27 AM
නෑ නෑ තිබ්බට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙච්චර කල් තිබ්බ අඩුපාඩුවක් හරි ගස්සන්න විතරයි තියෙන්නේ. අනාගතේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් වෙනම පක්ෂයක් හැදෙන්න ඕනේ. එහෙම නොකරපු එකේ විපාක තමයි අද ගෙවන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

