ජාතික පාසල් ගුරු මාරු ලබන පාසල් වාරය ආරම්භයට පෙර
ෙලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භවීමට පෙර ජාතික පාසල් ගුරු මාරු අවසන් කිරීමට කඩිනමින් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
ජාතික පාසල්වල 2020 වර්ෂය වෙනුවෙන් ස්ථාන මාරු අපේක්ෂාවෙන් ඉල්ලුම්පත් 6,000 ක් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු ඒකකය වෙත ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
එකම පාසලක අවුරුදු 10 ක් සේවය කරන ලද ගුරුවරුන්ගේ මාරුවීම් අයදුම්පත් 2,000 ක් පමණ සංඛ්‍යාවක් ද මෙම ඉල්ලුම්පත් 6,000 ට ඇතුළත්ය.
ගුරු වෘත්තිය සමිති නියෝජනය කරන ජාතික පාසල් ගුරු මාරු මණ්ඩල පත් කොට මෙම මාරුවීම් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.

popular news
-
M.G.N.P. රණවීර Friday, 12 June 2020 08:53 AM
මෙම වර්ෂයේ ගුරු ස්ථානමාරු සිදු කරන දිනයක් දැනට තීරණය කර තිබේද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

