ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙහෙයුම් කමිටු ස්ථාපිත කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ජාතික ආරක්ෂක කමිටු ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
1999 වසරේ මහජන ආරක්ෂක ආඥාපනත යටතේ පනවන ලද විධානයකට අනුව පිහිටවනු ලැබූ ජාතික ආරක්ෂක මණ්ඩලය හා අලුතින් පත්කිරීමට යෝජනා කර ඇති ජාතික ආරක්ෂක උපදේශක කමිටුව, ජාතික ආරක්ෂක මණ්ඩල ලේකම් කාර්යාලය හා ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂඥ කමිටු ( ආර්ථික, ජාත්‍යන්තර කටයුතු, සාමාජීය හා ආගමික, පර්යේෂණ හා විශ්ලේෂණ, විද්‍යාත්මක හා තාක්ෂණික හා ක්‍රමෝපායික කළමනාකරණ) යන කමිටු මේ හරහා ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම කමිටු පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරිමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

popular news
-
Champa Thursday, 26 September 2019 06:51 AM
විකාර.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

