ජාතික ආරක්ෂාවට ‘ගම රැකුම’
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ජනතාවගේ ආරක්ෂක අවශ්‍යතා ඉටුකිරිම සඳහා බලධාරීන්ට සහාය විය හැකි ‘ගම රැකුම’ නමින් සිවෙච්ඡා ජනතා සංවිධානයක් දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම ආවරණය වන අයුරින් පිහිටුවීමට අදාළව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.
පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් බලපෑමට ලක්වි තිබේ. මේ හේතුවෙන් ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය හා ආර්ථික තත්ත්වය යළා යථා තත්ත්වයට පත්කර ජනතාවගේ සිත් තුළ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මෙන්ම සෑම පුරවැසියෙකුගෙම් දායකත්වය අත්‍යාවශ්‍ය බව රජය පවසයි.
ඒ අනුව ජනතාවගේ බහුවිධ ආරක්ෂක අවශ්‍යතා ඉටුකර ගැනීමට බලධාරීන්ට සහාය වීමට මෙම ගම රැකුම සංවිධාන පිහිටුවීමට නියමිතය.

popular news
-
Champa Thursday, 30 May 2019 09:42 AM
විකාර. ගම රැක ගන්න වෙලා තියෙන්නේ දේශපාලකයන්ගෙන්. ත්‍රස්තවාදය අන්තවාදය බෙදුම්වාදය මේ හැම එකකම පිටිපැස්සේ ඉන්නේ දේශපාලකයෝ. දේශපාලන උවමනා එපාකම් උඩ ජාතිවාදී ගැටුමුත් ඇති කරනවා. වහල් ආණ්ඩුව දැන දැනම මිනිස්සු මැරෙන්න ඇරලා දැන් එනවා ගම රකින්න. අර එක මනුස්සයෙක් කියනවා පල්ලියේ බෝම්බෙන් බිරිඳයි දරුවොයි මරුනේ තමන්ගේ අත් දෙකේලු. Ambulance එක ආවේ පැය එකහමාරකට පස්සෙලු. වහල් ආණ්ඩුවේ හර්ෂ de සිල්වා හැම තිස්සෙම ලොකුවට කියනවනේ Ambulance ගැන. මිනිස්සු මැරෙන්න ඕනේ වෙච්ච නිසා Ambulance ඇතුලේ තියන්න කියන්න ඇති. දැන් මේකත් බිලියන් ගානක project එකක් වෙයි.
Reply : 0 0
එම්.ඒ.ජේ Thursday, 30 May 2019 01:43 PM
මෙය නැති ප්‍රශ්න ඇති කිරිමකට මුල පිරිමකි. දැනටත් සිවිල් ආරක්ෂක කමිටු නමින් ග්‍රාමිය සංවිධාන ඇත. මිනිස්සු ආරක්ෂාව ඉල්ලන විට රජය කලයුත්තේ මෙවැනි බොලඳ තීරණ ගැනීම නොව වඩාත් පරිණතව කටයුතු කරමින් ජාතික ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිම මිස රටේ ජනතාවට එහි වග කීම පැවරීම නොවේ. මෙවැනි දේවලින් සිදුවන්නේ ගම්වල සිටින මිනිසුන් අතර විවිධ ප්‍රශ්න ඇතීවිම සහ පවුල් අතර පුද්ගලිකත්වයට පවා හානි වීමයි. රටක ජාතියක ආරක්ෂාව සුවිශේෂ මානුෂිය අවශ්‍යතාවයකි, එයට රටේ ජනතාවගේ සහයෝගය අවශ්‍ය වේ, නමුත් එය ලබාගත යුත්තේ දිගු කාලින ජාතික වැඩපිලිවෙලකින් මිස එහි වගකීම රට වැසියාට පැවරිමෙන් නොවේ. ගම රැකුමට ගමේ මිනිස්සුන්ට පැවරීම ග්‍රාමිය මට්ටමින් විවිධ ගැටලු ඇති කිරිමට හේතුවේ. මේ පිලිබඳව විදිමත්ව සොයා බලා මෙම තීරණ ක්‍රියාත්මක කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

