
ජා-ඇල පොලිස් බල ප්රදේශයේ කොළඹ - මීගමුව මාර්ගයේ දෙහියාගාත මංසන්ධියේ බස් නැවතුමක් අසල මියගොස් සිටි තරුණයෙකුගේ මළ සිරුරක් ජා - ඇල පොලීසියට හමුවී ඇත.
අද (20) උදෑසන පොලීසියට ලද තොරතුරක් අනුව මෙම මළ සිරුර හමුව ඇති අතර මිය ගොස් සිටි පුද්ගලයා අසල ඔහු පැමිණෙන්නට ඇතැයි සැකකෙරෙන යතුරු පැදියක්ද තිබූ බව පොලීසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ අංක 141 සුදු වැල්ල, මාදම්පේ පදිංචි බී. කණිෂ්ක මධුසංඛ නැතැති 28 හැවිරිදි තරුණයෙකු බවත් මරණයට හේතුව මෙතෙක් අනාවරණය නී නොතිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර රාගහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවද සඳහන්.
- ජා-ඇල ප්රසංග පෙරේරා