ජවිපේ අප්‍රේල් නැගිටීමට වසර 50යි
ජනතා විමුක්ති පෙරමුණේ 1971 අප්‍රේල් 05 අරගලයට වසර 50ක් සපිරෙන අද (05දා) දිනයේ එම අරගලය වෙනුවෙන් ජීවිත පූජා කළ පිරිස් සිහිපත් කරමින් දිවයිනේ නගර 04කදී සැමරුම් උත්සව 04ක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් කටයුතු සංවිධානය කර තිබේ.
එම සැමරුම් උත්සව සියල්ල අද ප.ව. 3.30ට ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් හිඟුරක්ගොඩ තාරුකා මණ්ඩප ශ්‍රවණාගාරයේදීද, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාගේ සහභාගිත්වයෙන් තංගල්ල නගර ශාලාවේදීද, ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභිකයන් වන විජිත හේරත්, කේ.ඩී. ලාල්කාන්ත යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කිරිල්ලවල ලක්නාරා උත්සව ශාලාවේදීද, ජ.වි.පෙ. මධ්‍යමකාරක සභික සමන්ත විද්‍යාරත්න මහතාගේ සහභාගිත්වයෙන් කුරුණෑගල නගර ශාලාවේදීද මෙම සැමරුම් උත්සව පැවැත්වේ.
මීට අමතරව ජනා විමුක්ති පෙරමුණේ විදෙස් කමිටු මගින් ලෝකයේ බොහෝ රටවලදී සැමරුම් උත්සව පවත්වන අතර, අන්තර්ජාලය ඔස්සේ ජ.වි.පෙ. නායකයන් එම උත්සව ආමන්ත්‍රණය කිරීමට නියමිතය.
1971 අප්‍රේල් 05 වැනිදා අලුයම වැල්ලවාය පොලීසියට ප්‍රහාරයක් එල්ල කරමින් මෙම අරගලය ආරම්භ කෙරිණි. ආරම්භ වී පැය 24ක් ඇතුළත සාර්ථකව එම අරගලය මැඬපැවැත්වුණද, එය මෙරට දේශපාලනයට ප්‍රබල බලපෑමක් සිදුකළ සිද්ධියක් ලෙස සැලකෙයි. මෙම සිදුවීම 'අප්‍රේල් කැරැල්ල', 'අප්‍රේල් නැගිටීම' ආදී නාමකරණයන්ගෙන්ද දේශපාලන ඉතිහාසයට එක්ව තිබේ.
popular news
-
Demuni Uduwara Tuesday, 06 April 2021 05:33 AM
Side effects of Sinhala only act No.53 of 1956 !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

