ජල විදුලි නිෂ්පාදනය සියයට 20 දක්වා පහතට
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා අද (26දා) වනවිට ජල විදුලි නිෂ්පාදනය 20% දක්වා පහත වැටී තිබෙන අතර, තාප විදුලි බලාගාරවලින් ලබාගත් විදුලි ප්‍රමාණය 38% දක්වා ඉහළ ගොස් තිබේ.
සමස්ත විදුලි අවශ්‍යතාව දෛනිකව ගිගාවොට් පැය හතළිස් හයක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, එම ප්‍රමාණයෙන් 20%ක් ජල විදුලියෙන් හා 40%ක් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයෙන් ලබාගැනෙයි.
02%ක් සුළං හා සූර්ය කෝෂ මගින් ලබාගන්නා අතර, 38%ක් ඩීසල් දැවිතෙල් බලාගාරවලින් ලබාගන්නා බවද විදුලිබල මණ්ඩල සඳහන් කරයි.
අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා ඉදිරියේදී මෙගාවොට් 300ක අවශ්‍යතාවක් පැනනැගී තිබෙන අතර, එම ප්‍රමාණයෙන් මෙගාවොට් එකසිය විසි අටක් ඉදිරි දිනවල පෞද්ගලික බලාගාරවලින් ලබාගැනීමට නියමිතව තිබේ.
තවත් මෙගාවොට් සියයක විදුලි ප්‍රමාණයක් ලබාගැනීමට සැලසුම් කර තිබෙන අතර, ඉතිරි විදුලි ප්‍රමාණය පොදුවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් සතුව තිබෙන ජෙනරේටර් හරහා පද්ධතියට එකතු කරගැනීමට කටයුතු කරමින් ඇත.
ජලවිදුලි නිෂ්පාදන ජලාශවල ජල මට්ටම සැලකීමේදී මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 55.4%ක්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම 46.1%ක්, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 76.7%ක්, රන්දෙනිගල ජලාශයේ ජල මට්ටම 84.4%ක්, සමනල වැව ජලාශයේ ජල මට්ටම 5.3%ක් දක්වා පහත වැටී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
