ජල පහරකට හසුවී කාන්තාවක් මරුට
මේ දිනවල සවස් කාලයේ මහනුවර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර පොලිස් බල ප්‍රදේශයේ පූර්ණවත්ත ප්‍රදේශයේ තිදරු මවක තම නිවෙස අසල ජල කාණුවකට වැටී ගසාගෙන ගොස් මියගොස් ඇති බව පොලිසිය කියයි.
එම කාන්තාව පෙරේදා (29 ) තම නිවස අසලින් ගලා යන ජල කාණුවේ සිරවී තිබූ පොලිතීන් කැබැල්ලක් ඉවත් කිරීමට යාමේදී එම කාණුවට වැටී ගසාගෙන ගොස් ඇති අතර ඇය එම ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ ජල පහරේ ගසාගෙන ගොස් මහයියාව බිංගෙය අසල රැඳී තිබියදී ඇයගේ මළ සිරුර හමුවී තිබේ . ඇය බේරා ගැනීමට උත්සාහ කළ ඇයගේ සැමියාද ජල පහරේ කිලෝමීටර භාගයක් පමණ ගසාගෙන ගොස් ජල කණුවේ තිබු බටයක් අල්ලාගෙන දිවි බේරාගෙන තිබේ .
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහයියාව ගෝනවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වූ 47 හැවිරිදි ෆාතිමා පියාසා නැමැති කාන්තාවකි . මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී . කේ . රත්නායක මහතාගේ උපදෙස් පරිදි මහනුවර මූලස්ථාන පොලිසිය සිද්ධිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
ෂේන් සෙනවිරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

