ජර්මනියේ මියුනිච් දුම්රිය ප්‍රහාරයෙන් අයෙක් මරුට
- 10 05 2016
- 22:52
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ජර්මනියේ මියිනුච් නගරය ආසන්න දුම්රිය ස්ථානයකදී පිහි ඇනුමක් සිදුකර එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්කර තවත් තිදෙනෙකුට තුවාල සිදුකළ පුද්ගලයා මානසික රෝගයකින් පෙලුණු, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව අනාවරණය වී තිබේ.
ග්රාෆින් දුම්රිය ස්ථානයේදී මෙම පිහි ඇනුම සිදුව තිබූ අතර, පහර කෑමට ලක්වූවන් රෝහල් ගත කිරීමෙන් පසුව එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
මෙම පහරදීම සිදුකළ 27 හැවිරිදි ජර්මානු ජාතිකයා පසුව පොලීස් අත්අඩංගුවට පත්ව තිබුණි.
බී.බී.සී.ය වාර්තා කරන පරිදි සිද්ධිය ඇසින් දුටු ඇතැම් පිරිස් පවසා තිබුණේ මෙම පහරදීම සිදුවන අවස්ථාවේදී ඔහු අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දුන් බවයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරකයා ඉස්ලාමීය අන්තවාදීන්ගේ බලපෑමකට නතුවූවෙකු බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් හමු නොවූ බව බලධාරීහු පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
