ජර්මනියේ එම්. එස් .යුරෝපා නැමති නෞකාවකින් ශ්රී ලංකාවට පැමිණි 350 දෙනෙකුගෙන් සමන්විත විදේශීය සංචාරකයන් පිරිසක් හම්බන්තොට වරායෙන් ගොඩබැස ඊයේ දිවයිනේ විවිධ ප්රදේශවල සංචාරය කළහ.
මෙම පිරිස ලෝකයේ රටවල් කිහිපයක සංචාරයේ යෙදෙන ධනවතුන් පිරිසකි .
එම සංචාරකයන්ගෙන් තිස් දෙනෙක් ඇල්ල ප්රදේශයට පැමිණ රාවනා ඇල්ල , තේවගාවන් ඇල්ල සතිපොළ නරඹා ඇල්ල හල්පෙ තේකම්හලද නැරඹුහ.
ශ්රී ලංකාවේ තේ නිෂ්පාදන පිළිබඳව එහිදී අවබෝධයක් ලබාගත්හ .
අඩපණ වූ ඇල්ලේ සංචාරක කර්මාන්තය යළි පණ ලබමින් තිබෙන අතර මෙම සංචාරක පිරිසට අමතරව තවත් සංචාරකයින් රැසක් ඊයේ පැමිණ සිටින අයුරු දැකගත හැකිවිය .
බදුල්ලේ - පාලිත ආරියවංශ
