ජය බහාලු පර්යන්තය පුළුල් කිරිම කොන්ත්‍රාත් දෙකම චීනයට
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ජය බහාලු පර්යන්තය නවීකරණය කිරීම යටතේ සිදුවන සංවර්ධන කොන්ත්‍රාත් කටයුතු චීනයට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව නෞකාවල සිට ගොඩබිම දක්වා බහළු මෙහෙයුම්ක සිදකිරිමට අවශ්‍ය දොඹකර තුනක් වරයා අධිකාරියේ අරමුදල් යොදවා මිලදි ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 25.7ක මුදලකට සීමාසහිත ෂැංහයි ෂෙන්හුවා හෙවි ඉන්ඩ්රස්ටීස් සමාගමට පවරා තිබේ.
එසේම එම පර්යන්තයේ ගැඹුරු නැංගුරම්පොළ ධාරිතාව වැඩි කිරීම සඳහා වරාය අධිකාරියේ අරමුදල් යොදවා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියේ සිවිල් වැඩ කොන්ත්රාත්තුවද චීන වරාය හා ඉන්ජිනේරු සමාගමට පැවැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම යෝජනා දෙකම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතායි.
popular news
-
hoo Friday, 23 November 2018 01:59 PM
මහින්ද රටේ අගමෙති නොවේ ඔහුට හෝ හොර රජයට මෙවැනි තීරණ ගැනීමට ඉඩ නොතබනු
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

