ජම්පර් අඳින්නත් සූදානම්
යුක්තිය හා සාධාරණය වෙනුවෙන් ජම්පර් අදින්න සිදු වුවහොත් ජම්පර් අදින්නට සුදානම් බව කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළීතුරු දෙමින් කථානායකවරයා මේ බව පැවසුයේ අද (27දා) පාර්ලාමේන්තුවේදීය.
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව වෙනස්කර කථානායකවරයා කූඨ ලේඛණ සකසා ඇති බව පසුගිය දිනක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් පවත්වා පවතා තිබුණු බවත් එය සත්‍යක්ද යනුවෙන් මරික්කාර් මහතා පාර්ලිමේතුවේදී වීමසීය.
සිය ජීවිතය තුළ කූඨ වැඩ සිදුකර නොමැති බව පැවසු කථානායකවරයා එයට පිළීතුරැ දෙමින් මෙසේ පැවසීය.
"යුක්තිය ශක්තිය සාධාරණය වෙනුවෙන් ජම්පර් අදින්න සිදු වුණොත් මම ජම්පර් අදින්න ලැස්තියි. මගේ ජීවතයේ කූඨ වැඩ මම කරලා නැහැ. ඔනැම පරීක්ෂණයක් කරන්න මම ලැස්තියි. මේ ගැන මම නිළධාරීන්ට දැනුම්දු න්නා. සමහර අය කටට එන ඒවා කියනවා. මම කලිනුත් කිව්වා කථානායකවරයා සුදුසු නැතිනම් හෙටම විශ්වාසභංග යෝජනාවක් ගෙනත් මාව අයින්ක රන්න මට කිසිම ප්‍රශ්නයක් නැහැ"

popular news
-
Champa Wednesday, 28 November 2018 06:38 AM
ඒක නම් ඇත්ත. කථානායකතුමා ගැන ප්‍රශ්නයක් තියෙනව නම් පාර්ලිමේන්තුවේ විසඳගන්න එපෑය. ලෝකේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙන්නැති කථානායකවරයෙකුට විරුද්ධව පෙළපාලි යන්නේ, බනින්නේ, පින්තූර පුච්චන්නේ. මෙහෙම කරන කොට ඕනේ කෙනෙක්ට තේරෙනව කථානායකතුමා නිර්භීත, කෙලින් වැඩ කරන කෙනෙක්. තමන්ගේ පැත්තට පක්ෂ නොවුණු නිසයි පහර ගහන්නේ කියලා. මට හිනා යනවා කථානායකතුමා ගැන කියන ඒවා අහව්වහම. හරිම නොමේරු ප්‍රකාශ සහ ළදරු තර්ක. මන් හිතන්නේ දැන් මහින්දගේ පැත්තේ කට්ටියට Talking Points දෙන්නේ ජනාධිපති කාර්යාලයෙන්.
Reply : 37 38
Rattharan Wednesday, 28 November 2018 12:40 PM
ජාතියක් ජම්මයක් නැති ටිකක් එකතු වෙලා මුලු රටම විනශ කරනවා ,,,,, කතානායක වරය නිර්බයව කෙලින් ක්‍රියා කරන කෙනෙක් ,,,,, කතානායක තුමනි ඔබට සුබ පෙතුම් ,,,,,
Reply : 0 0
චරිත Wednesday, 28 November 2018 01:17 PM
පක්ෂග්රාහී කතානායක වරයෙකුට බරපතල දඩුවම් දිය යුතුයි. අද රට ප්‍රපාතයට වැටී තිබෙන්නේ මොහුගේ බටහිර රටවල තැරව්කාර තනාපතියන්ට උවමනා විදියට පාර්ලිමේන්තුව හසුරවන නිසය්. ඉංග්‍රීසි භාෂාවෙන් පසුගිය පාර්ලිමේන්තුවේ දේශනා පැවැත්වුයේ මේ රට බෙදන තානාපතියන් සදහාමය්. ඔව්නට වාර්තා කිරීමට පහසු වෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

