ජපාන ගුවාසෝ හයිවේ නෞකාව හම්බන්තොට වරායට
ජපානයේ කේලයින් ෂිෆින් සමාගමට අයත් ‘ගුවාසෝ හයිවේ’ නෞකාව මෝටර් රථ 7500ක් රැගෙන ඊයේ (18දා) දහවල් හම්බන්තොට මාගම්පුර වරායට සේන්දු විය.
මෙම නෞකාව ප්රථම වරට ජපානයෙන් ගමන් ආරම්භ කර තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේය. නෞකාව සිංගප්පූරුවේ සිට ඊයේ දහවල් හම්බන්තොට වරායට පැමිණියේ මෙරටට ගෙන්වන ලද මෝටර් රථ ප්රමාණයක් හා ප්රතිඅපනයනය කිරීම සඳහා රැගෙන ආ මෝටර් රථ 1000ක් ගොඩ බෑම සඳහාය.
මෙම නෞකාව ලංකාවට පැමිණියේ පළමු අවස්ථාවට වන අතර, මෝටර් රථ ගොඩ බෑමෙන් පසු නෞකාව අද (19දා) අලුයම 1.00 පමණ කොරියාවේ ෂෝල් නුවර බලා පිටත්ව ගියේය.


popular news
-
vijitha Saturday, 20 October 2018 11:52 AM
අනේ එතකොට අර ගලට මොකද උනේ ?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

