ජපාන ආරක්ෂක ඇමති වරායට ගිය හේතුව කියයි
ජපාන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කොළඹ හා ත්‍රිකුණාමලය වරායන් නිරීක්ෂණය කරනු ලැබුවේ මෙම වරායන් දියුණු කිරීමට ජපානය උදව් කරන නිසාවෙන් බවත්, හම්බන්තොට වරාය නිරීක්ෂණය කළේ බොහෝ දෙනෙකු එය නිරීක්ෂණය කරන නිසා බවත් වරාය හා නාවික හමුදා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
අද (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව කියා සිටියේය. කොළඹ වරාය දියුණු කිරීමට ජපානය විශාල ලෙස ආධාර ලබාදී තිබෙන බවත්, ත්‍රිකුණාමල වරායට ඔවුන් නවීන තාක්ෂණය ලබාදී තිබෙන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Champa Thursday, 23 August 2018 04:58 PM
මොන බොරුද? මාගම්පුර වරාය චීනෙට දීමෙන් කලේ ලංකාව අන්තිම අනාරක්ෂිත කිරීම. හරියට ඉස්සර උතුරු කොරියාව වගේ. කලාපයේ රටවල් හැම තිස්සෙම බයෙන් හිටියේ කොයි වෙලාවේ ඇමරිකන් ප්‍රහාරයකට ලක් වෙයිද කියලා. දැන් ඒ ප්‍රශේනේ ඉවරයි උතුරු කොරියන් ජනාධිපතිට මොලේ තිබ්බ නිසා. දැන් කලාපේ රටවල් බයේ ඉන්නේ ලංකාව නිසා ආසියාව දෙවෙනි මැදපෙරදිග වෙයිද කියලා. ඇමරිකන්කාරයට දැන් උතුරු කොරියාව පිටින් දාල ආසියාව අනාරක්ෂිත කරන්න බැහැ. හැබැයි දැන් ආසියාව දෙවෙනි මැද පෙරදිග කරන්න ගහන්නේ ලංකාවට. ඒකට හොඳම තල්ලුව ලැබෙනවා මත්තල ඉන්දියාවට දීමෙන්. ඒ විතරක්ද පලාලිත් ඉන්දියාවට. තව උතුරේ සංග්‍රාමික අතින් වැදගත් පොඩි වරායවල් ටිකත් ඉන්දිය්වට. දැන් ජපානෙත් ප්‍රශ්නෙට අත දැම්ම. ජපානේ ඉල්ලනවා ත්‍රිකුණාමලේ. ඇමරිකාව නිශ්ශබ්ද්දව ඉන්නේ මොකොද? Delft දූපත ඇමරිකාවට ගන්න ඕනේ හින්ද. දැන් ලංකාව තවදුරටත් ස්වෛරී ස්වාධීන රටක් නෙමෙයි. ලෝක බලවතුන්ගේ කෙලි බිමක්. තොපි ඔක්කොම මකබෑවිලා යන්න ඕනේ. කාලකන්නි. මහින්ද LTTE එක පරද්දල ගෙනාපු සාමය දැන් ඉවරයි. ලංකාව අන්තිම අනාරක්ෂිතයි. කොන්දක් තියෙන හැම සිංහලයෙක්ම "සැප්තැම්බර් 5 වෙනිදට" කොළොඹ එන්න මහින්දගේ ජනබල විරෝධයට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

