ජන මතයට හිස නමා විපක්ෂයේ සියලු දෙනා එකතු කරගත් ගමනක් යෑමට තමා සූදානම් බවත්, ඊට නායකත්වය ලබා දීමට සූදානම් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද(07දා) විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“රටේ ජනතාව අනුමත කළා සත්‍යවාදී මහජන සේවාවක්. බොරුවට තිත තබා බොරුව පරාජය කරමින් සත්‍යවාදී, ශක්ති සම්පන්න මහජන සේවාවකක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතු යැයි කියන ජන මතය ඒ අභියෝගාත්මක වගකීම ඉෂ්ඨ කරන්න අපි සූදානම්. ඊට නායකත්වය ලබා දීමට අපි සූදානම්. ජන මතයට හිස නමා විපක්ෂයේ සියලුම දෙනා එකට එකතු කරගනිමින් ජනතාව බලාපොරොත්තු වන විශිෂ්ඨ ජනතා සේවාවක් විනිවිද භාවයෙන් යුක්තව, ප්‍රතිපත්ති ගරුකව මේ ඇති වන සාමූහිකත්වය , එකමුතු භාවය හරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉෂ්ඨ කිරීම අපේ අරමුණයි. ”