ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25දා) පරිපාලන දිස්ත්‍රික්ක සියල්ලේම දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයේදී මුණගැසිණි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ධුරයේ දිවුරුම් දීමෙන් පසුව එකම අවස්ථාවකදී සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් හමුවී සාකච්ඡා කළ පළමු අවස්ථාව මෙයයි. දැනට දිස්ත්‍රික් මට්ටමින් සිදුවෙමින් පවතින සංවර්ධන වැඩසටහන් සහ දිස්ත්‍රික් මට්ටමින් පවතින පරිපාලන ගැටලු සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇත. විසඳුම් ලබාගැනීම සඳහා තවදුරටත් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු කරුණු සම්බන්ධයෙන් වහාම මැදිහත් වී කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ද සියලූම දිස්ත්රික්න නියෝජනය කරන දිස්ත්‍රික් ලේකම්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් මීට සහභාගීවි සිටියහ