ජනාධිපතිවරයාට පුළුවන් එක පෑන් පාරෙන් මේ හාල් මාෆියාව විසඳන්න - හඳුන්නෙත්ති
හාල් හිඟයක් නිර්මාණය කර ඇත්තේ හාල් මාෆියාව සිදුකරන දෙදෙනෙක් බවත් ජනාධිපතිවරයාට අවශ්‍යනම් එක පෑන් පාරෙන් එම ප්රශ්නය විසඳිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය .
ඊයේ (23) මාතරදි පැවති මාධ්‍ය සාකච්ජාවකදි ඔහු මේ බව පැවසිය .
එහිදි අදහස් පළකල ඒ මහතා ,
‘‘ මේ වෙනකොට වෙළඳපොළේ හාල් හිඟයක් නිර්මාණය වෙමින් පවතිනවා. එසේම හාල් වැඩි මිලට අලෙවි කිරිම නිසා සිල්ලර වෙළඳුන්ට දඩ ගහලා උසාවි ගෙනියන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා . හැබැයි අපි හිතන්නේ සිල්ලර වෙළදුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ . සිල්ලර වෙළදුන්ට විකුණන්න වෙලා තියෙන්නේ තොග වෙළදුන්ගෙන් ලැබෙන මිලට . තොග වෙළදුන්ට වෙලා තියෙන්නේ හාල් මෝල් හිමියන්ගෙන් සැපයුම් කරන මිලට අලෙවි කරන්න . මෙතනදි අල්ලන්න ඕන සිල්ලර වෙළදුන් නෙමෙයි මේ මාෆියාව නිර්මාණය කළ මුදුනේ ඉන්න අය. එතන වැඩි පිරිසක් නැහැ . නඩු දානවනම් දෙන්නටයි නඩු දාන්න ඕන . ජනාධිපතිතුමාට ඒ දෙන්න කවුද කියලා හොයා ගන්න ඕන නම් කඩේකට ගිහින් හාල් උර දෙකක් අරන් බලන්න පුළුවන් . එතකොට පෙනේවි ඒ දෙන්නගේ නම් දෙක . එහෙනම් ලංකාවේ හාල් මාෆියාවේ දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නටයි දඩුවම් දෙන්න ඕන . ඇත්තටම අද හාල් හිඟයක් නැහැ . මොකද පොළොන්නරුවට ගිහින් බැලූවනම් පෙනේවි ගබඩා කරලා තියෙනවා . ඒ හාල් වෙළඳපොළට නිකුත් කරන්න ඕන . ගබඩා පහසුකම් තියෙන්නෙ දේශපාලන බලය තියෙන දෙදෙනෙකුට පමණයි . අන්න ඒ දෙන්නට දඩ ගැහුවනම් හරි සාමාන්‍ය සිල්ලර වෙළදුන්ට දඩ ගහන්නෙ නැතුව . ජනාධිපතිතුමාට අවංක උවමනාවක් තියෙනම් එක පෑන් පාරෙන් පුළුවන් මේ හාල් මාෆියාව විසඳන්න .
ඊළගට මෙතන තියෙන අනෙක් ගැටලූව තමයි හාල් හිඟයක් තියෙනවා කියලා පිටරටින් හාල් ගෙන්වන්න හදනවා . හාල් පිටරටින් ගේනකොට අපේ ගොයම් කපලා වි ටික වෙළඳපොළට එන කාලේම තමයි හාල් වරායට එන්නේ . වි ටික විකුණ ගන්න බැරිව ගොවියා ආයේ පාරේ අනාථ වෙනවා . ඊට පස්සේ ඒ වි ටික තුට්ටු දෙකට අරගෙන ගබඩා කරගන්නෙත් ඔය ලොකු හාල් මෝල් හිමියන් දෙදෙනමයි . ඒ අයගේ ජාවාරම ඒක තමයි . ආණ්ඩු බලය පාවිච්චි කරලා තමයි මේ මාෆියාව මේ අය සිදුකරන්නෙ . එසේනම් මේ හාල් අර්බුදය විසඳන්න නම් හාල් මාෆියාව සිදුකරන දෙදෙනාට නීතිය කි‍්‍රයාත්මක කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලිමක් කරනවා’’ යැයි හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසිය .

popular news
-
loku ayya Tuesday, 24 December 2019 03:51 PM
dagli ථරහවෙඉ කොල්ලෝ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

