ජනාධිපතිවරණයේදි ආණ්ඩුව සුනාමියට යන පොල් කොම්බයක් වගේ ගෙදර යවන්න
ඉදිරි ජනාධිපතිවරණ ඡන්දයේදි වත්මන් ආණ්ඩුව සුනාමියට ගසාගෙන යන පොල් කෝම්බයක් වගේ ගෙදර යැවිමට සියලු දෙනා වගබලා ගත යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ජනතාවගේ අපෙක්ෂාව වි ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව පාර්ලිමෙන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ රත්තොට ප්‍රාදේශිය වැනිලා වගාකරුවන් පිරිසක් සමඟ අද (13) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු බන්දුල ගුණවර්ධන මහතා ,
මේ දිනවල රටේ තියෙන්නේ අරාජික තත්වයක්. පැහැදිලි ලෙස පසුගිය කාලයේ වර්ධනය වුණු රටක ප්රජාතන්ත්රවාදි සමාජයක සමස්ත සමාජයේ ජනතාවට බියෙන් සහ සැකෙන් කටයුතු කිරිම සඳහාත් අවශ්‍ය ප්‍රධාන කුලුණු තුනක් තියනවා. විධායකය, ව්‍යවස්ථාදායකය අධිකරණය. මේ ආයතන තුන අතර විශාල අර්බුදයක් නිර්මාණය වුණා. ඒ අර්බුදය අහිතකර තත්ත්වයකට පත්වෙලා.
ජනාධිපතිවරයා රාජ්‍යයේ ප්‍රධානියා සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස 19 ව්‍යවස්ථා සංශෝධනය තුළ රටේ සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයායි. ජනාධිපතිවරයා කැබිනට් රැස්විම් වලට පැමිණෙන්නෙ නැත්නම් කැබිනට් රැස්විම් පවත්වන්න බැරි වෙනවා. අණ පනත් ආදි සියල්ල පාර්ලිමෙන්තුවට පැමිණිය යුත්තේ කැබිනට් එකේ අනුමැතියෙන් පසුවයි. කිසිම අලුත් පනතක් ඉදිරිපත් කරන්න, සංශෝධනය කරන්න බැරි තැනට පත්වෙලා.
එවිට රටේ වැඩ ඇන හිටිනවා. අගමැතිවරයා මේ දිනවල කියනවා මේ සඳහා 225 දෙනාම වගකියන්න ඕන කියලා. මේක ක්‍රමන්ත්‍රණයක්. මහ දවල් මහ බැංකු මංකොල්ලයට විපක්ෂයේ අපි වගඋත්තරකරුවන් නෙවේ. හරියට ප්‍රහාරය දෙන අයගේ නම් ගම් පවා දිලා තිබුණත් එය වලක්වා ගන්න බැරිවුණා. ඒක විපක්ෂයේ වගකියන්න ඕන නැහැනේ. විජාතිකයින් සනසන විදිහට ගිවිසුම් ගහපු එක අපේ වගකිමක් නෙවේ. අගමැතිතුමා 225 දෙනාට මේක පටවන්න හදන්නේ ජනතාවට මේ අය කෙරෙහි කලකිරිමක් ඇති කරවීමට බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
-
Champa Thursday, 13 June 2019 05:23 PM
ලංකාවේ ඊළඟ ජනාධිපති ගෝඨාභය නෙමෙයි. සියයට දෙසීයක විශ්වාසෙන් කියනව. ගෝඨාභය ආවොත් කරන්නේ රනිල් කරපු තැන ඉඳන් ඒ ටික ඉස්සරහට ගෙනියන එක. ගෝඨාභය කියන්නේ සිරිසේනටත් වඩා දුර්වල චරිතයක්. පහුගිය අවුරුදු 4 කරපු කතා බැලුවොත් ඕනේ මිනිහෙක්ට තේරෙනවා එක වචනයක් නැහැ කියල. ගෝඨාභය රටට අහිමි වෙච්ච කිසි දෙයක් නැවත ගන්නේ නැහැ. ඒ මොකොද විදේශ රටවලට ගැති වෙලා ණය වෙලා සම්පත් අහිමි වෙලා තියෙන ලංකාවට හරි හමන් නායකත්වයක් දෙන්න ඔහුට බැහැ. 225 ගැන කිව්වොත් වහල් ආණ්ඩුව මේ තරම් ශක්තිමත් වෙන්න පුළුවන් වුනේ, ශක්තිමත් කියල කියන්නේ රටයි හමුදාවයි පාවල දීල රටේ සම්පත් ටිකත් විකුණගන්න පුළුවන් වුනේ වහල් පාලනයට විරුද්ධව 2015 ජනතා චන්දෙන් පාර්ලිමේන්තු යවපු මන්ත්‍රීවරු ජනතා අභිලාශ ඉෂ්ඨ කරනවා වෙනුවට තමන්ගේ න්‍යාය පත්‍ර අනුව වැඩ කරපු හින්ද. මාගම්පුර වරාය විකුණනවට විරුද්ධව චන්දෙ දුන්නේ මන්ත්‍රීවරු 5යි. ඊට පස්සේ වෙනත් බොහෝ පනත් වලට විරුද්ධව පාර්ලිමේන්තුවේ චන්දෙ නොදී එක්කෝ නෑවිත් හිටිය නැත්නම් සභාව මැද්දට ඇවිත් බොරු ගෝරියක් ඇදල අරන් ඒ පනත් ඔහේ සම්ම්පත කරගන්න ඉඩ ඇරිය. අන්තිමට චන්දෙ දීපු ලක්ෂ 62ම එපා කියපු සිරිසේනගේ පස්සේ ගියා.
Reply : 0 0
SarathWimalaweera Thursday, 13 June 2019 06:11 PM
ගුරුතුමා ඉදිරි ජනාධිපතිවරණ ඡන්දයේදි ගෙදර් යවන්නේ වත්මන් ආණ්ඩුවද ජනාදිපතිවද
Reply : 0 0
Don Friday, 14 June 2019 08:10 AM
රනිල්ට විරුද්ධව දේවාලවල පොල්ගහල මේගොල්ලන්ට ඉතිරිවෙලා තියෙන්නේ කෝම්බ විතරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

