ජනාධිපතිවරණයේ ප්රතිඵල ප්රකාශයට පත් කිරිමත් සමග හැටන් ලංගම ඩිපෝවේ දිනපතා ධාවනයට එක් කරන බස් රථ කිසිවක් අද (17) දින ධාවනයට එක් නොකිරිම නිසා මගින් දැඩි අසිරුතාවයට පත් වි තිබේ.
හැටන් ලංගම ඩිපෝව මගින් දිනකට දුර සහ කෙටි දුර ධාවනය සදහා බස් රථ 90ක් පමණ ධාවනයට එක් කරන අතර හැටන් ලංගම ඩිපෝවේ සේවය කරන කිසිදු රියදුරු සහ කොන්දොස්තරවරයෙකු සේවයට වාර්තා නොකිරිම නිසා බස් රථ ධාවනයට එක් කිරිමට නොහැකි වු බවයි හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියෙකු කියා සිටියේ.
ජනාධිපතිවරණයේ ප්රතිඵල නිකුත් කිරිමත් සමග හැටන් ඇතුළු වතුකරයේ ප්රධාන නගරවල වෙළඳසැල් සියල්ලම පාහේ වසා දමා ඇත.

