ජනාධිපතිධූර කාලය දිර්ඝ කරගැනිමේ උත්සාහය සදාචාර විරෝධියි
නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත නොවන බව පවසමින් බලයට පැමිණි මෛත්‍රිපාල සිරිසේන මහතා තම ධූර කාලය දීර්ඝ කර ගැනීම සඳහා නැවතත් අධිකරණ මතය විමසිමට ගෙන ඇති තීරණය සදාචාර සම්පන්න නොවන ක්‍රියාවක් බව ශී‍්‍රි ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.
අද (4) පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතෙ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවත මාධ්‍ය හමුවකදී ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයාගෙ ධූර කාලය ආරම්භ වන්නේ එතුමා දිව්රුම් දුන් 2015 ජනවාරි 9 වැනිදා සිටද එසේ නොමැතිනම් 19 වැන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ 2015 මැයි 19 වැනිදා සිටද යන්න සම්බන්ධයෙන් ලබන සතියේ අධිකරණයේ මතය විමසීමේ සූදානමක ඇතැයි ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.
මීට පෙරද ජනාධිපතිවරයා මෙලෙස අධිකරණ මත විමසුමක සිදු කරනු ලැබූ අතර දිගින් දිගටම තමන්ගෙ ධූර කාලය දීර්ඝ කර ගැනීමේ ප්රයත්නයක නිරත වෙමින් සිටින බව ඔහු අවධාරණ කළේය.

popular news
-
කපිල Thursday, 04 July 2019 03:31 PM
තණ්හාය ජායතී සෝඛෝ්
Reply : 0 0
shan Thursday, 04 July 2019 04:57 PM
ethakota oktobar karalle agamathikama gaththa eka 100% sadacharathmaka athi neda lajjanathikama mahamudalikamatath wada lokuyi kiyanawane
Reply : 0 0
සිරිබිරිස් Thursday, 04 July 2019 06:38 PM
ජනාධිපතිගේ ධුරකාලය අවුරුදු පහක් යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබියදී නැවත නැවතත් විමසීමක් කලයුතු නැහැ..දිවුරුම් දුන්නේ ජනවාරි 9 වැනිදා එදින සිට වැටුප් ගෙවන්න ඇතිනේද.මැයි 19 දක්වා තනතුරේ සිටියොත් අවුරුදු 5 ක් ඉක්මවා සිටියා වෙනවා.මෙම මන්ත්‍රීවරයා කියන දෙය සත්‍යයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

