ජනමතයට ගරුකර මැතිවරණයක් පවත්වනු - මහින්ද සුළග
ජනමතයට අවනත වී වහා මැතිවරණයක් කැදවන ලෙස ඉල්ලමින් රත්නපුර ආසනයේ මහින්ද සුළග සංවිධානය පසුගියදා කුරුවිට නගරයේදි විරෝධතාවක් පැවැත්වීය.
විසුරුවා හරින ලද සබරගමු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ සබරගමු පළාත් සභාවේ හිටපු ඇමතිවරුන්වන රංජිත් බණ්ඩාර, ජී.ඇම්. කරුණාපාල, මන්ත්‍රීවරුන්වන නමින්ද අරුණප්‍රිය, දිපාල් ගුණසේකර, කුරුවිට ප්‍රාදේශිය සභාවේ සභාපති පේ‍්‍රමරත්න මල්කැකුළ රත්නපුර මහනගර සභාවේ නගරාධිපති ටිරෝන් අත්තනායක යන මහත්වරු ඇතුලූ පිරිසක් මෙම විරෝධතාව සිදු කළහ.
‘‘රට විනාශ කළ යූඇන්පිය ඇතුලූ හොර නඩය ජනතාඅයිතියට පයින් ගසයි’’, ‘‘යුඇන්පී, ජේවීපී, ටීඑන්ඒ ජන්දයකට බය ඇයි’’, ‘‘ජනතා පරමාධිපත්‍ය පාවාදුන් ජේවීපිය රනිල් සරණ යයි’’, ‘‘ජන්ද බලය ජනතාවට ලබා දෙනු’’ ආදී වශයෙන් වු සටන් පාඨ ඇතුළත් පුවරු විරෝධතාකරුවන් අතවිය.
අජිත්ලාල් ශාන්තඋදය


popular news
-
Champa Monday, 19 November 2018 11:40 AM
ඔය කාරනාව දැන් තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුව මත කියලා තමන්ගේ පක්ෂ නායකයෝ කියලා දුන්නේ නැත්ද? නැත්නම් ඔහොම කරන්නේ ඒ තීන්දුවට බලපෑම් කරන්නද?
Reply : 0 0
rocky Monday, 19 November 2018 12:03 PM
ඔහේලාගේ විතරක් මතය කොහොමද ජන මතය වෙන්නේ ? ඕක ජඩ මතය!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

