ජනබලය පවත්වන්නේ නඩු වලට බයෙන්
ඒකාබද්ධය 'ජනබලය' නමින් විරෝධතාවක් පවත්වන්නේ ඔවුන්ට එරෙහිව පවතින නඩුවලට බියෙන් බවත්, එම නඩු දෙසැම්බර් මස වන විට විභාග කර අවසන් කරන බවත් විදේශ රැකියා, විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදී පැවසීය.
“රැලි පටන්ගත්තේ නුගේගොඩින්. එක රැලියක් පවත්වා පළමු වෙඩිමුරය කිව්වා. ඊට පස්සේ මහනුවරට ගිහින් දෙවැනි වරටත් කිව්වා වෙඩි මුරයක් තියෙනවා කියල. ඊට පස්සේ මහනුවර ඉඳන් පාදයාත්රාවක් ඇවිල්ලා කිව්වා ආණ්ඩුව පෙරළන වෙඩි මුරය කියලා. ඒත් ඒ එක වෙඩිල්ලක්වත් පත්තු වුණේ නැහැ.
මේක ප්‍රෝඩාවක්. හිරේ යන්න තියෙන කාලය ළංවෙන කොට කරන උත්සාහයන් බව ජනතාව තේරුම් ගන්න ඕන.
අලුත් අධිකණයක් හදලා තියෙනවා. අපි බෙල්ලෙන් අල්ලලා මිනිස්සු හිරේ දාලා නැහැ. නඩුව මා 06ක් කල් යනකොට ඒ මිනිස්සුන්ට බොරු කරකර ඉන්න පුළුවන් කාලයත් වැඩි වෙන්න පුළුවන්. දෙසැම්බර් වන විට මේ නඩු එක දිගටම අහල ඉවර කරනවා . මේගොල්ලගේ හදවත් දන්නවා වැඩේ වරදින බව. ඒ නිසා බය වෙලා මේ ජනබල ගෙන්වලා පෙන්වන්න හදනවා. මේ මොනවා කළත් අලුත් අධිකරණ හරහා මේ අය වැරදිකරුවන් වන එක වළක්වන්න බැහැ” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
පාලිත ආරියවංශ/ප්‍රසාද් රුක්මාල්

popular news
-
Champa Monday, 03 September 2018 06:57 PM
අනේ මිනිහෝ මහින්දගේ ජන බල විරෝධතාවයට කොළොඹට එන්නේ ආණ්ඩුවේ පරගැති වහල් පාදඩ පාලනයට එරෙහි ජනතාව. එතකොට ඒ මිනිස්සු හැමෝටමත් නඩු තියෙනවද? බීරන්ටත් හිනා යන ගොන් කතා කියන්නේ නැතුව ඉන්නවද නිකම්? - ලංකාවේ ස්වාධීන අධිකරණයට කරපු ලොකුම අපහාසය තමයි දේශපාලන පලිගැනීම් වලටම කියලා විශේෂ මහාධිකරණ පිහිටුවීම. අද අග්‍ර විනිශ්චයකාරවරයා පොලිස්පතිගේ උත්සව වලට යන කොස්සෙක්ගේ ගානට පල්ලෙහාට වැටිලා. අධිකරණය තනිකරම දේශපාලනීයකරණය කරලා. -- ආණ්ඩුව එලවන්න වෙඩිමුර තිබ්බ තමයි. වෙඩි මුර 21ක්ම තියල තමයි යවන්නේ නොඑන්නම. ආයේ කිසි දවසක මේ රටේ යුඑන්පි ආණ්ඩුවක් හැදෙන්නේ නැහැ. මේක තමයි අන්තිම යුඑන්පි ආණ්ඩුව. මේ දූෂිත හංස පුට්ටු පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකකුත් ආයේ පාර්ලිමේන්තු එන්නේ නැහැ. රටේ ජනතාව තාම පටන් ගත්තේ නැහැ දෙන්න. තාම වෙඩි මුර පත්තු කරන්නේ විපක්ෂේ දේශපාලකයොනෙ. අර හාමුදුරුවරු 4 දෙනාට විරුද්ධව අහසින් කඩා වැටුන වගේ රාජ්‍ය දේපල වලට හානි කරා කියලා චෝදනාවක් දාල ඊට පස්සේ ඇප දුන්නේ 5 වෙනිදා විරෝධයට එන්න බැරි වෙන්න. දෙන්නම්කො තොපිට ඔය ඔක්කොම අල්ලලා. තියපල්ලකෝ ජනාධිපතිවරණෙයි මහ මැතිවරණෙයි. ජනතාව වෙඩි මුර පත්තු කරන හැටි බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
