ජනබලයට එරෙහිව පොලීසියට නියෝගයක් ගන්න බැරිවෙයි
ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට පැවැත්වීමට නියමිත විරෝධතාවට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය විසින් ප්රතික්ෂේප කර තිබේ.
කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම ඉල්ලීම කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් කරනු ලැබීය.
පොලීසිය සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන විරෝධතාවට සමගාමීව ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල නිවස අසළ රැඳී සිටිමින් උද්ඝෝෂණය කිරීමට නියමිත බවයි.
එසේම විරෝධතාකරුවන් පන්දම් දල්වා ජනපතිවරයාට පිටතට පැමිණීමට නොහැකි වන ලෙස උද්ඝෝෂණ කිරීමට සූදානම් බවයි.
මෙහිදී ප්රධාන මහේස්ත්රිත් රංග දිසානායක මහතා පැවැසුවේ යම් අයෙක් ජනපතිවරයාගේ නිවස වටලයි නම් එය රාජ්ය විරෝධී බවත් එවැනි පුද්ගලයන් අත්අඩගුවට ගැනීමකින් තොරව අධිකරණය හමුවට කරුණු දැක්වීම සැක සහිත කරුණක් බවයි.

popular news
-
Champa Tuesday, 04 September 2018 04:08 PM
හනේ මෝඩ පොලීසිය. නිකම් දෙකේ කොලේ ගානට වැටෙනවා. හෙට ජනතාවගේ දවස. ජනාධිපතිවරයාටත් පුළුවන් නිවාඩුවක් ගන්න. ප්රජාතන්ත්රවාදී වැදී බණ කියලා මහන්සිත් ඇතිනේ.
Reply : 79 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

