ජනපති ප්‍රකාශකටත් කොවිඩ් බ්‍රසීලයේ ආසාදිතයන් ඉහළට
බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ නිල ප්‍රකාශක ජෙනරාල් ඔටාවියෝ සැන්ටානා ඩො රීගෝ බැරෝස් විසින් නව කෙරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව ඔහුගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
රීගෝ බැරෝස් පසුගිය සඳුදා කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ බව එම නිවේදනයේ දැක්වේ. ඔහුගේ කණ්ඩායම පැවසුවේ අඟහරුවාදා ප්‍රතිඵල තහවුරු වී ඇති අතර, ඔහු සිය නිවසේ නිරෝධායනයට ලක්ව සිටින බවයි.
මේ අතර, ගෙවීගිය පැය 24 තුළ බ්‍රසීලයේ අවම වශයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයන් 10,503ක් සහ මරණ 615ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අවම වශයෙන් ආසාදිතයන් 125,218ක් සහ මරණ 8,536ක් රට තුළ වාර්තා වී තිබේ.
ලතින් ඇමරිකාවේ දැනට වැඩිම කොරෝනා ආසාදිතයන්සංඛ්යාවක් සිටින රට බ්‍රසීලයයි. එරට ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ වෛරසයේ තර්ජනය අවතක්සේරු කිරීම සම්බන්ධයෙන් විවේචනවලට ලක්ව තිබේ.
රට තුළ නිරෝධායන ක්‍රියාමාර්ග නතර කරන ලෙස ඉල්ලා ප්‍රාන්ත ආණ්ඩුවලට එරෙහිව පැවති දේශපාලන රැලිවලට සහභාගී වෙමින්, බොල්සොනාරෝ වෛරසය හමුවේ දේශපාලන වාසි ලබාගැනීමට ගොස් මේ වනවිට අනාගෙන ඇති බවද එම විවේචන පෙන්වා දෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

