ජනපති හෙට ජාතිය අමතයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දිනයේදී ජාතිය ඇමතිමට නියමිතය. එසේම නව කැබිනට් මණ්ඩලය අනිද්දා දිනයෙදී පත්කිරීමටද නියමිතය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු හා ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී මෙම තීරණ ගෙන තිබේ.

popular news
-
Lion Sunday, 28 October 2018 07:53 AM
Ungreateful to the core it's waste of time to listen to you.You have betrayed the nation.We dont want to see your dirty face.Please go to hell.
Reply : 0 0
Champa Sunday, 28 October 2018 08:34 AM
බම්බු කතාව අහන්න ජාතියට ඕනේ කමක් තියෙනව කියලා මම නම් හිතන්නේ නැහැ. මුළු ජාතියම ලෝකයාගේ හිනස්සීමට සමච්චලයට ලක්වෙලා. රටකට වටිනාකමක් එන්නේ ඒ රටේ පාලකයාගෙන්. රටේ පාලකයා කියන්නේ බොරු කාරයෙක් කෙලිඑහිගුණ දන්නේ නැති මිනිහෙක් නැග්ග ඉනිමගට පයින් ගයන මිනිහෙක් ලජ්ජා නැතුව තමන්ගේ ආත්මාර්ථකාමය වෙනුවෙන් අනිත් මන්ත්‍රීවරු හිතෙන හිතෙන විදිහට පාවිච්චි කරන මිනිහෙක් නම් ඒක රටකට අවනම්බුවක්. මහින්දට අගමැතිකම දෙන්න තිබ්බේ අවුරුදු 4කට කලින්. එහෙම දුන්නේ නැත්තේ රනිල් එපා කියපු නිසා නෙමෙයි මහින්ද එක්ක ඒ කාලේ තිබ්බේ වෛරය නිසා. එදා මහින්දට කරපු දේ අද රනිල්ට කරනවා. රනිල් කියන්නේ රටටම එපා වෙච්ච ද්‍රෝහියෙක් බව ඇත්ත. හැබැයි ද්‍රෝහියාට වුනත් දඬුවම් කරන්න ඕනේ මහත්මයෙක් විදිහට. රනිල්ව අගමැති විදිහට පත් කලේ නීතියට අනුව නම් රනිල්ව ඉවත් කරන්න ඕනෙත් ඒ විදිහට. මහින්දගේ පත් වීමට වටිනාකමක් එන්නෙත් මහින්දට ඒ පත්වීම් හරියට දුන්නොත් විතරයි. රනිල් අපිට ද්‍රෝහියෙක් වුනාට ලෝකෙට රනිල් කියන්නේ රටේ අගමැති. හතුර වුනත් රටේ අගමැති වෙලා හිටපු මිනිහෙක් හින්ද එයාට ගෞරාන්විතව අයින් වෙන්න ඉඩ දෙන්න ඕනේ. බහුතරය නැහැ කියලා ඔප්පු කරන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

