ජනපති හා කථානායක හමුව පැවැත්වෙයි
රට තුළ උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කථානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් පත්වා තිබේ.
ජනපති ලේකම් කාර්යාලයේදී අද (29දා) පස්වරුවේ මෙම හමුව පවත්වා තිබේ.ෙසෑම අංශයකින්ම රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇතිවෙමින් පවතින බවත්, විශේෂයෙන්ම රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම, ආයෝජන ක්ෂේත්රය හා සංචාරක කර්මාන්තයේ බිඳවැටීම රටට තවදුරටත් දරා ගැනීමට අපහසු වන බැවින්, අවිනිශ්චිත තත්ත්වයට ඉක්මන් විසඳුමක් ලබාදීම කළ යුතු බව කථානායකවරයා මෙහිදී පෙන්වා දුන් බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
කථානායකවරයා පෙන්වා දුන් කරුණු පිළිබඳව ජනාධිපතිගෙන් යහපත් ප්‍රතිචාරයක් පළ වූ අතර, විසඳුමකට එළඹීමෙහිලා කථානායකවරයා ඉටු කරමින් සිටින කාර්යභාරයද ජනාධිපතිගේ ඇගයීමකට ලක්වූ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

popular news
-
chathuri Thursday, 29 November 2018 08:24 PM
කිසිම. කතාවක්. නැහැ. කියපු. විදියට රනිල්. අවාට පසු. ඔබගේ පුටුවේ. එක විනාඩියක්. ඉන්න එපා. , මහින්දගේ. වංචා. දුෂණ. නඩු සේරම. විසදන්න රනිල්ට. ඉඩ. දෙන්න , ඊට. පසු බලමු. රනිල් වැඩ කරන. විදිය සේරම ලොක්කෝ. ඕනවට. වැඩිය. නැටුවා. පරිල්මෙන්ට්. එකේ ඉන්නේ. 225 මුළු. රටේම. ඉන්නව. මිලියන. ගානක්. වැඩි චන්දෙ. ජනතාවට. මිටපසු. හොරුන්ට. කිසිම සමාවක්. නැහැ තුරුම්පු. ගහන්නේ. නැහැ පවා දෙන්නෙත්. නැහැ. හෝරාව ගෙදර. අරින්න. වැඩ කරනවා. ඔබ. ඉල්ලා. අස් වෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

