ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු දෙදින නිල සංචාරය ආරම්භ කරමින් අද (28චා) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. ඔහු සමග මෙම සංචාරය සඳහා දූත පිරිස ලෙස 10 දෙනෙකු එක් වී සිටියහ.
ඔවුහු අද (28දා) දහවල් 2.05 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තම නිල විදෙස් සංචාර සඳහා නිරන්තරයෙන්ම සාමාන්‍ය ගුවන් යානා භාවිත කළේය.
