ජනපති සමග සාකච්ඡාවට අපි යන්නේ නෑ - අනුර
ජනපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වන තෙක් ඔහු සමග සාකච්ඡා සඳහා එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
"කුමන්ත්රණකාරී අර්බුදයක් සාමාකාමී සාකච්ඡා මේසයක් තුළ විසඳා ගැනීමට අවස්ථාවක් නෑ. එය විසඳා ගැනීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 17 වැනි සංශෝධනයටත් 19 වැනි සංශෝධනයටත් අපි සහාය දුන්නා. ව්‍යවස්ථාවට ජනපතිගේ සිට සෑම පුරවැසියෙක්ම යටත්.
ප්‍රශ්ණ විසඳීමට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ජනපතිවරයා කටයුතු කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුයි. ජනපතිවරයා හිතුවක්කාරී ලෙස කටයුතු කිරිම තමයි මේ අර්බුදයේ තිබෙන හරය. ජනපති සමග පැවැත්වෙන සාකච්ඡාවලට අපි යන්නේ නෑ. ජනපතිවරයා ව්‍යවස්ථාවට යටත් කළ යුතුයි. ඒක තමයි දිවුුරුම. මේ අරගලය ජනපතිවරයා ව්‍යවස්ථාවයට යටත් කිරීමයි. ඒක තමයි අරමුණ." යැයි අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
popular news
-
මුනසිංහ Thursday, 29 November 2018 01:28 PM
88-89 ව ෙග් අපහු සුදානම් වෙනවද. එවා වානා....,.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

