ජනපති මාස දෙකකින් සෑම උපාධිධාරියෙකුටම රැකියාවක් - සජිත්
තමා ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නොමැති සෑම උපාධිධාරියෙකුටම රැකියා ලබා දෙන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (02දා) පැවැසීය.
ලක්ෂ ගණනක් වූ ත්‍රී රෝද රථ රියදුරන්ට ඇපයක් පොලියක් නොමැතිව රුපියල් ලක්ෂ 3 ක ණයක් ලබා දෙන බව ද ඒ මහතා කීවේය.
මාවනැල්ල හා ගම්පොල පැවැති ජනරැළි අමතමින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහතා මෙසේද කීය.
“සෑම ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයක්ම මුලික කරගෙන කර්මාන්ත පුර අරඹනවා. ඒ කර්මාන්ත පුරවර වැඩසටහන තුළ යොවුන් පරපුරට රැකි රක්ෂා ලැබෙනවා. බංග්ලාදේශයට, ඉන්දියාවට, වියට්නාමයට, කාම්බෝජියට යන සෘජු විදේශ ආයෝජන අපි අපේ මාතෘභුමියට රැගෙන එනවා.
අපේ යොවුන් පරපුර ඩිජිටල් විප්ලවය ගැන ලොකුවට කතා කරනවා. එය කතාවට පමණක් සිමා නොකර මහපොලොවේ ක්‍රියාත්මක කිරීමට අපි නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කරලා එහි ජාත්‍යන්තර ප්‍රමිතියට පත්වනවා.”

popular news
-
bandara Monday, 04 November 2019 12:01 AM
ආර්ථිකය පිලිබඳ අඹමල් රේණුවක දැනුමක් තියෙන කෙනෙක් නම් මේවගේ පොරොන්දු දෙන්නේ ණෑ. උපාධි ධාරීන් සේරටම රැකියා දුන්නොත් කොහොමද පඩි ගෙවන්නේ. සාම ප්‍රා ලේ කොට්ටශයකම කර්මාන්ත පුර හැදුවට කෝ වෙළඳපල.
Reply : 0 4
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Monday, 04 November 2019 03:15 AM
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 0
Nalaka Monday, 04 November 2019 08:05 AM
මොනවා......!! මේ පොරොන්දු දෙන්නේ කටින්ද ශ්‍රී මුඛයෙන්ද ???
Reply : 0 11
casmir Monday, 04 November 2019 11:11 AM
මේ කව්ද අත්තෙටම කලකිරෙනවා මේවගේ අපේක්ෂකොයෝ ජනාදිපතිවරනයට ඉල්ලනවා. අපේ රට ඉවරි . රටේ ඉන්න මදවියොඉ , කුද්දෝ , කසිප්පුකරයෝ , හොරු , චන්දෙ ඉල්ලනවා , උගත් මිනිස්සු චන්දෙ දෙනවා ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

