ජනපති මාව විනාශ කළා - බුද්ධදාස
ජනපති මෛත්රිපාල සිරිසේන මහතා තමන්ව විනාශ කළ බව කඩුවෙල මහ නගර සභා හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි. අද පෙරවරුවේ කොළම ජාතික පුස්තකාලයේ පැවැති ශ්රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් පැවැත්වූ මාධය හමුවකදී ඔහු මෙම අදහස් දැක්විය.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පොදු අපෙක්ෂකයා ලෙස එක්වූ විට තමන්ට කථාකළ බවත් ඒ අනුව තමන් ඔහුට සහාය දැක්වූ බවත් ප්රකාශ කළේය.
කෙසේ වෙතත් ජනපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා සමග නැවත එක්වූ බවත් තමන්ට පසුගිය පළාත් පාලන මැතිවරණයේදි පොහොට්ටුව නියෝජනය කරමින් තරග කළා නම් අදටත් කඩුවෙල මහ නගර සභාවේ සභාපති තමන් යැයිද ප්රකාශ කළේය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ තිරය පසුපස එක් ආණ්ඩුකාරවරයෙක්, නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී 21 දෙනාගෙන් 18ක්, ආසන සංවිධායකවරු 24ක් සිටින බවත් ඔහු සඳහන් කළේය.
තමන්ව පක්ෂයෙන් ඉවත් කළත් කිසිදිනක එක්සත් ජාතික පක්ෂය හා එක්නොවන බවත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට යළිත් නිවැරදි මාවට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු ප්රකාශ කළේය.
popular news
-
Bandula. Thursday, 03 January 2019 11:55 AM
හිතේ දුකට උන්දැට කවි කිය වෙනවා. පව් බලේ නැතුව අඩනවා.
Reply : 0 6
බන්දු Thursday, 03 January 2019 12:34 PM
ඔබව විතරක් නෙමේ, ශ්රී ලංකා නිදහස් පක්ෂේත් විනාශ කරා. දැන් එයත් විනාශ වෙලා රටත් විනාශ කරගෙන යන්න හදන්නේ.
Reply : 0 3
upali Thursday, 03 January 2019 01:50 PM
ජනාදිපතිතුමා කියනවා එයාව විනාස කලේ අගමැතිතුමලු, මේ උන්නැහේ කියනවා එයාව විනාස කලේ ජනදිපතිතුමලු. මේක කාගෙන් නතර වෙයිද
Reply : 0 2
Champa Thursday, 03 January 2019 03:44 PM
හා හා හා ගණන් ගන්න එපා යාලුවා. පොඩ්ඩක් හිතන්න. බුද්ධදාස වගේද විමල් වීරවංශ? බුද්ධදාස වගේද මහින්ද රාජපක්ෂ? බුද්ධදාස වගේද බැසිල් රාජපක්ෂ? බුද්ධදාස වගේද නාමල් රාජපක්ෂ? දැන් ඒ ගොල්ලෝ තමයි බුද්ධදාසට දීල තිබ්බ මල්ල අරන් ජනාධිපතිට කඩේ යන්නේ. ඔන්න මල්ලි වැඩ. හූඌඌඌඌ ඒ මදිවට 2019 මහින්දගෙයි විමල්ගෙයි ජනාධිපති අපේක්ෂකයාත් මෛත්රීලු. මහින්දට චන්දෙ දීපු ලක්ෂ 58 අනාථයි. මෛත්රීට චන්දෙ දීල මහා අපරාධයක් කර ගත්ත කියල 2015 ජනවාරි 9 හොටු පෙරන් අඬපු සහ අවුරුදු 4ක් තිස්සේ කට්ට කාගෙන මහින්දලා එක්ක හිටපු ලක්ෂ 62 ට අයිති පාවුනු චන්දයකයොත් අනාථයි. යූඑන්පී එකත් ඊළඟ පාර සෙට්ටපොච්චි. දැන් ලංකාවේ දේශපාලන වේදිකාව විවෘත වෙලා තියෙන්නේ අලුත් මිනිහෙක්ට. අලුත් නායකයෙක්ට. ජනතාව රවට්ටපු නායකයන් තුන් ගොල්ලොම ගෙදර යවල, ලංකාව අලුත් නායකයෙක් එක්ක අලුත් chapter එකක් පටන් ගන්න ඕනේ. ඉස්සෙල්ල එන්නේ මහමැතිවරණයක්ලුනේ (?). හදිස්සි චන්ද වලට මිනිස්සු හදිස්සි උත්තර දෙන්න ඕනේ. ඊළඟට පාර්ලිමේන්තු ගෙන්න ඕනේ ස්වාධීන කණ්ඩායම් සහ ස්වාධීන මිනිස්සු. ඕනේ තරම් ඉඳියි පාට පක්ෂ නැති මිනිස්සු පාර්ලිමේන්තු එන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

