ජනපති පොරොන්දු කඩනවා කියා සෝභිත හිමි දැනගෙන සිටියා
දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සාධාර සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැසීය.
අපවත්වී වදාළ සොභිත හිමියන්ගේ තෙවැනි ගුණානුස්මරණ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ලිපියක් ලියන්න ගියා. නමුත් දහ දොලොස් වතාවක් මම ලියන්න හැඳුවත් ‘ගරු ජනාධිපතිතුමනි’ කියා ලියන්න බැරිව ගියා. මගේ පංචස්ඛන්දයම වෙවුලලා ගියා. ඒහෙම පුද්ගලයෙකුට කොහොමද ගරු ජනාධිතිතුමා කියන්නේ.
මේ උත්සවය පවත්වන්න තිබුණේ පදනම් ආයතනයේ මොකක්දෝ හේතුවක් නිසා ඒය නව නගර ශාලාවේ පවත්වන සිදුවුණා.
ඒක දෛවයෝපගත සිදුවීමක්. මොකද මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපෙක්ෂකයා ලෙස වාඩි වුණේ මෙහි. එදා එතුමා කියපු දේවල් කන් ඇතුළේ පිළිරැව් දෙනවා. ඔහු කිව්වා හය මාසයකින් විධායක ජනපතිධුරය අහෝසිකරනවා කිව්වා.
ප්රජාතන්ත්රවාදය රකිනවා, නීතියේ ස්වාධිපත්‍ය රකිනවා කිව්වා. ඔහු අශිලාචාර ලෙස තම පොරොන්දු පාවා දුන්නා. අපි කලකට පෙර ඒක දැනගන හිටියා. සොභිත හාමුදුරුවෝ දැනගෙන හිටියා.
නිදහස් පක්ෂයේ සභාපති ධූරය භාර ගැනීම තමයි ජනවාරි අට සියලු දේ වතුර මුට්ටියක් පොලොවේ ගැහුවා වගේ දෙයක්.
රනිල් වික්රමසිංහත් එක්ක ආණ්ඩුව කරන්න බෑ කිව්වේ අමූලික බොරුවක්. අපරාධකාරයෝ අත්අඩංගුවට ගන්න දෙනනේ නැත්තේ ජනපතිවරයයි.
සිංහල ගැමියෙක් ළඟ තිබෙන සදාචාරය මේ පුද්ගලයා ළග නෑ. ඔහු පන්සිල් ගන්නා වාරයක් වාරයක් පාසා පවු පුරවගන්නවා. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දෙන්න කියලා මගේ කීම අසලා කවුරු හරි ඡන්දය දුන්නා නම් ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා.
මේ රටේ අපිට තව කොපමණ කාලයක් ජීවත් වෙන්න වෙයිද දන්නේ නෑ. සෝභිත හිමියන්ගේ තෙවැනි ගුණ සැමරුමට අපි ජනපතිවරයාට ආරාධනා කළා නමුත් ඔහුට එන්න බෑ” යැයි මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැසීය..
එසේම ජනපතිවරයා හා ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමග විජේරාම නිල නිවයේදී විදුලි පහන් නිවා දමමින් ආරක්ෂක නිලධාරීන් ඉවත් කරමින් සාකච්ඡා කළ බවත් ඔහු සඳහන් කළේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ










popular news
-
Lion Thursday, 08 November 2018 05:14 PM
මහත්තයෝ අපි රැවටුන මේ තක්කඩි හොර දෙටුවට .දැන් කරන්න දෙයක් නැ.මේ වසවර්තිය ගෙන් රට මුදා ගන්න Satan කරමු
Reply : 0 57
chathuri Thursday, 08 November 2018 06:00 PM
දැන්. සිරිසේනගේ. කොන්ද. කෙලින් වෙලා මහින්ද. සයිඩ්. එකෙන්. ඉන්න. නිසා. මහින්දව කරන්ට්. පුටුවට. යන එක. නතර. කෙරුවේ. මෙයලු දැන් රට. යන විදියට. මෙය මිනිසුන්. පාවාදෙන විදියට අඩි හයක්. යටට. යයි වගේ. , කට. අරියයම. සංහිදියාව ,ප්රජාතන්ත්ර වාදය. දොරේ. ගලනවා. මහා. රැට. දිය යටින් ගින්දර ගෙනියනවා මහා ලොකු ගොවියා , ඒ. නමටත්. ලැජ්ජයි. මේයා සමනලියක් වගේ වැඩ. කරන්නේ. සුන්දර ජොලි , කාගේත්. සුන්දරී. ලැජ්ජාවක් තියෙන වනම්. මහින්දට. අගමැති. කම. දෙයිද . මරණ බයට. මහින්දව ගෙනවා සමනලිට ව්දේශයෙන්. හොඳ. පාඩම්. උගන්වයි , එලිසබෙත් රැජින අත් මේස්. නොදමා පිළිගත්තා. කිව්වේ , දැන් ගියොත් රැජින මුහුණත් වසගනියි කරපු. නින්දිත. වැඩේට.
Reply : 0 322
Saththaya Thursday, 08 November 2018 06:18 PM
සෝබිත හාමුදුරුවනේ සමාවෙන්න අපි ඔබේ වදන් විශ්වාස කර චන්දය දුන්නා , නමුත් ඔබවත් රැවට්ටුවා . ආයෙත් ඒ යුගයට වැටුනා .
Reply : 0 511
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

