ජනපති පාර්ලිමේන්තුවට පැමිණ ගැටලුව විසදන්න - සෝභිත හිමි
රට තව තවත් පරිහානියට ලක් නොකර වහාම පාර්ලිමේන්තුට පැමිණ බහුතරය කාට ඇත්දැයි සියසින් දැක, ව්‍යවස්ථාදායකත් සමග එක්ව රාජ්‍යය ස්ථාවර කරන්නැයි ඕමල්පේ සෝභිත හිමියෝ අද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
ඇඹිලිපිටියේදී මාධ්‍යවේදීන් හමුවේ අද දහවල් අදහස් දක්වමින් ඕමල්පේ සෝභිත හිමියෝ මෙලෙස පැවසුහ.
“දේශපාලන අර්බුදය ඉක්මනින් විසඳාගත යුතුව තිබෙනවා. එසේ විසඳා නොගත්තොත් රට බරපතළ වශයෙන් පරිහානියට පත්වෙනවා. ආර්ථිකය, සාමය, ජාත්‍යන්තර කීර්තිය වේගයෙන් පසුබහිමින් පිරිහෙමින් පවතින අවස්ථාවක්.
ඒ නිසා මේ ප්‍රශ්නයට විසඳුම ඉතා ඉක්මනින් සපයාගත යුතුයි. ඒ ඉක්මන් විසඳුම සපයාගැනීමේ වගකීම පවතින්නේ ජනාධිපතිවරයා අතර බව මධ්‍යස්ථව බැලුවාම දැකිය හැකි අදහසයි.
විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයි මේ පිළිබඳ විසඳුම ඉතාමත් ක්ෂණිකව ඉදිරිපත් කළ හැක්කේ. ව්‍යවස්ථාදායකය තුළ මේ අර්බුදය දැන් පැන නැගිලා තියනවා. එනිසා ව්‍යවස්ථාදායකයත්, විධායකයත් කියන මේ අංශ දෙක එක්වීමෙනුයි ප්‍රශ්නයට විසඳුම සපයාගත හැක්කේ.
ජනාධිපතිතුමා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණෙන්න. ඔබතුමා ඉදිරියේ මන්ත්‍රීවරුන්ගේ අදහස් උදහස් විමසා සාධාරණය ඉතා ඉක්මනින් ඉටුකරගත හැකියි. එසේ නොවුණොත් එන්න එන්නම මේ රටේ තත්ත්වය පරිහානියට පත් වෙනවා. මේ පරිහානියේ බරපතල විපාකය විඳින්න වෙන්නේ මේ රටේ ජනතාවටයි යනුවෙන් කියා සිටියහ.
අජිත්ලාල් හා කොෙළොන්නේ නානායක්කාර

popular news
-
Champa Friday, 16 November 2018 11:29 AM
එහෙම මොකොටද හාමුදුරුවනේ? මේ රටේ විතරක් නෙමේ හැම රටකම පාර්ලිමේන්තුව සම්ප්රදාය තමයි බහුතරය තියෙන පක්ෂේ ආණ්ඩුවක් හදන එක. ඒකේ නායකයා අගමැති. කවුරු බහුතරය තිබ්බත් ඕක තමයි වෙන්නේ . ජනාධිපතිවරු පාර්ලිමේන්තු එන්න ඕනේ නැහැ ඕකට. මේවා කරහම අනාගතේ එන ජනාධිපතිවරු තම තමන්ට ඕනේ විදිහට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පිහිටුවයි. එපාවෙන කොට විසිරුවයි. මේක මහා විකාරයක්. පාර්ලිමේන්තු එන හෝ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන හැමෝටම තියන්න ඕනේ IQ test එකක් රනිල් රටටම එපා වුනු මිනිහෙක් බව ඇත්ත. හැබැයි හතුරට වුනත් සාධාරණයක් තියෙන්න ඕනේ. මහින්දට එක විදිහකුයි රනිල්ට එක විදිහකුයි කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත් නීතිවත් පුද්ගලයා අනුව වෙනස් කරන එක වැරදියි. මහින්ද ජනාධිපති කරන කොටත් දිව්රුම් පෙත්සම් අරක මේක ඉල්ලුවද? ඔක්කොම වැරදි පූර්වාදර්ශ.
Reply : 0 13
dhamneth Saturday, 17 November 2018 08:39 AM
ඔබවහන්සේගේ යෝජනාව හරියට හරි.ප්‍රශ්නයට නිවැරදි විසදුම ඕක තමයි..
Reply : 0 0
Don Saturday, 17 November 2018 05:21 PM
නායකයෝ එක්කෙනෙක් ඉඳල උසි ගන්නල ඔහොම ඉවරවුනා දෙන්නෙක් හිටිය නම් තව ටිකක් වැඩියෙන් චූන් වෙලා පාර්ලිමේන්තුව ගිනිතියාවී
Reply : 0 0
rocky Saturday, 17 November 2018 05:26 PM
ගරුතර උගත් හාමුදුරුවනේ. ඔබ වහන්සේ කතාකරන භාෂාව හනුමන්තාට දැන් තේරෙන්නේ නැහැ. පොහොට්ටුවෝ උගේ වලිගෙට ගිනි තියල ඉවරයි. දැන් ඉතින් රට එකම ගිනි ජාලාවක් බවට හැරෙනවා. ඒත් සමහර හාමුදුරුවරු මේ ගිනි කෙළියට තෙල් ගහනවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

