ජනපති තීරණයට එරෙහිව පූජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට
සාධරණ හේතුවක් ෙනොදන්වා පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමට විරුද්ධව අනිවර්ය නිවාඩු යවා ඇතිපොලිස්පති පූජිත් ජයසුන්දර මහතාජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට තීරණය කර ඇති බව 'අද' පුවත්පතට වාර්තාවේ.
පූජිත් ජයසුන්දර මහතා මේවනවිට ඒ සඳහා අවශ්‍ය නීතිඥ උපදෙස්ල බාගනිමින් සිටින බවත්, ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේනඩු පැවරීමට සුදානම්ව සිටින බවත් වාර්තා වේ.
අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේවනවිටත් පොලිස්පති නිල නිවසේ රැඳී සිටින බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු ඔහු පොලිස්පති නිල නිවසේ රැඳී සිටීමට අදහස් කරගෙන සිටින බවත් අදාළ ආරංචිමාර්ග සඳහන් කරයි.
කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව පොලිස්පතිවරයා මෙලෙස නඩු පැවරීමට තීරණය කර ඇත්තේ එයින් තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව සඳහන් කරමිනි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස්පතිවරයකු ඉවත් කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිසිවක් අනුගමනය නොකර,පොලිස්පතිවරයා ඉවත්කිරීමට කටයුතු කර ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සඳහන් කිරීමට ජයසුන්දර මහතා අදහස් කර ඇති බවටද වාර්තාවේ.
එමෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව පොලිස්පතිවරයා ලෙස සිදු කළ කාර්ය භාරය පිළිබඳව යමෙකුට ප්‍රශ්නයක් පවතිනවා නම් ඒ පිළිබඳව අදාළ නිල තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමේ සූදානමකින්ද පූජිත් ජයසුන්දර මහතා පසුවන බවද දැනගන්නට තිබේ.
මේ අතර, අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට ද 'අද' පුවත්පතට වර්තා වාර්තාවෙයි.මේ වන විටත් ඔහු වෙනුවෙන් යොදවා තිබූ යතුරුපැදි ආරකෂකයන් ඉවත්කර ඇති බවද වාර්තා වේ.
එමෙන්ම පූජිත් ජයසුන්ද මහතාට ලබාදී තිබූ සහායක පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුද ඉවත් කර ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ.

popular news
-
rocky Tuesday, 07 May 2019 12:11 PM
ජය වේවා!
Reply : 10 43
shan Wednesday, 08 May 2019 11:09 AM
ඉතාමත් හොද තීරණයක් රටේ ජනපතිවරයාට රටේ ආරක්ෂක තත්වයට අදාල දැනුම් දීම කලවිට එය තබයකට නොතකා ඔහුගේ විනෝද ගමන් ඔහු විසින් යන්නේනම් හා රටේ අගමැතිවරයාට ආරක්ෂක මණ්ඩයට පැමිණීම තහනම් හා සාකච්චා තහනම් නම් නිලදරීන්ට එන දීමට කිසිවෙකු නැතිකර ඔහු රටින් පාන්නේ මේ විනාසය කිරීමට අනුබල දීම සදහායි ඒ නිසා ඔහු පළමුව ඉවත් කල යුතුය දෙවනුව නිලදාරීන් හට දඩුවම් කල යුතුය
Reply : 0 122
කල්පනා Thursday, 09 May 2019 03:55 PM
බැරි වැඩ නොකරන් අබරෝ කිව්වලු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි රාජ්‍ය නිළධාරීන් හා සේවකයින් සම්බන්ධ සියලු කටයුතු (පත්කිරීම් උසස්කිරීම් මාරුකිරීම් විශ්‍රාම ගැන්වීම් හා විනය කටයුතු) අමාත්‍ය මංඩලයට පැවරී ඇත මෙම බලතල විටින්විට කොමිෂන් සභාවෙත පැවරිය හැකිය එහෙත් අමාත්‍ය මංඩලයේ බලතල අඩුනොවේ.ජනාධිපතිද ඇමති මංඩලයේ ආරක්ෂක ඇමතිවරයාවේ.
Reply : 3 0
Kumar Thursday, 09 May 2019 07:27 PM
පොලිස්පතිතුමාගේ ක්‍රියා නිසා සියගනනකගේ ජීවිත අහිවුනා. නිවාඩු යවන්නේ නැතිව ගෙදරම තම යවන්න තිබුනෙ.
Reply : 4 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

