ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති ලෙස බහුතර ජනමතයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා සුබ පැතුම් එක්කර තිබේ.
විශේෂ ප්‍රකාශයයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7වන විධායක ජනාධිපතිවරයා වශයෙන් රටේ බහුතර ජනතා මතයෙන් තේරී පත්වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහ මාගේ ජනතාවගේ සුභාශිංසන පිරිනමමි.
ජනාධිපතිවරණයේ දී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් ක්‍රියාකාරීව දායකවූ ඔබ සැමට සහ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට මාගේ විශේෂ ස්තූතිය පිරිනමමි.
එමෙන්ම, සමස්ත ශ්‍රී ලාංකීය ජාතීන් අතර සාමය, සමගිය, සංහිඳියාව, විශ්වාසය හා ආරක්ෂාව ඇතිවන ආකාරයෙන් අභිනව ජනාධිපතිතුමා කටයුතු කරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.
රටක් ලෙස අප මුහුණ දෙන අභියෝගයන් ජය ගැනීම සඳහා සියලු ජාතීන් එකාවන්ව, සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන් එම අභියෝගයන්ට මුහුණ දී රට සංවර්ධනය කරා ඉදිරියට ගෙන යාමට අභිනව ජනාධිපතිතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.
රිෂාඩ් බදියුදීන් (පා.ම)
නායක,
සමස්ත ලංකා මහජන කොංග්‍රසය