ජනපති කාර්ය මණ්ඩලය ස්ථිර කිරීමේ කැබිනට් පත්‍රිකාව ජනපති ඉවත් කර ගනියි
ජනපති පෞද්ගලික කාර්ය මණ්ඩලය ස්ථිර කිරීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රකාවක් ජනපතිවරයා ඉවත් කරගෙන තිබේ.
මෙහිදී ජනපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කරන එහෙත් වසර පහක සේවා කාලයක් සම්පූර්ණ නොකළ සේවකයන් ස්ථිර කිරීම වෙනුවෙන් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත් ජනපතිවරයා මෙම කැබිනට් රැස්වීමට ප්‍රථමව මෙම කැබිනට් පත්‍රිකාව ඉවත් කරගෙන තිබුණි.
popular news
-
kapila Monday, 11 November 2019 03:47 PM
යනකොට කොරහ බින්දත් එකයි නොබින්දත් එකයි. දැන් නාගෙන ඉවරයි.
Reply : 0 0
Champa Monday, 11 November 2019 05:11 PM
ඔව් මේක තනිකරම නීති විරෝධී වැඩක්. පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ඉන්න රජයේ සේවකයන්ට ප්‍රශ්නයක් නැහැ. සමහර ජනාධිපතිවරු අගම්තිවරු ඇමතිවරු තමන්ගේ පවුලේ යට සහ හිතවතුන් පෞද්ගලික කාර්ය මණ්ඩලයට ගන්නවා. එහෙම මිනිස්සුන්ව ස්ථිර කරන්න කීම සම්පූර්නයෙන්ම වැරදියි. දේශපාලකයා යනකොට පත්වීම් දීපු පවුලේ අය සහ හිතවතුනුත් යන්නේ ඕනේ. අනික තව කොච්චර නම් රජයේ සේවකයෝ ඉන්නවද අවුරුදු ගණන් වැඩ කරලත් පත්වීම ස්ථිර නොකරපු. බෙදා ගන්න ගියහම බෙදා ගන්නවා මදි නොකියන්න. අර ජනාධිපති මන්දිරේ දුන්නු එකත් වැරදියි. ඒ මන්දිරේ අයිති වෙන්න ඕනේ ඊළඟ ජනාධිපතිට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

