ජනපති අපේක්ෂක සටනින් කරු ඉවත් වෙයි
තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ගත් තීරණය වෙනස් කළ බවට කථානායක කරු ජයසූරිය මහතා භික්ෂූන් වහන්සේලා පිරිසක් හමුවේ ඊයේ (23දා) පවසා ඇතැයි වාර්තා වේ.
තමන් අපේක්ෂක ධුරය අපේක්ෂා නොකරන බවත්, එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතරින් කෙනෙකුට ලැබිය යුතු බවත් කථානායකවරයා සඳහන් කර තිබේ.
කරු ජයසූරිය මහතා අග්‍රාමාත්‍යවරයා හා නියෝජ්‍ය නායකයා හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම භික්ෂූන් වහන්සේලා හමු වී තිබෙන බවද වාර්තා වෙයි.
ඒ අනුව ඉතා ඉක්මනින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගැටලුව විසඳෙනු ඇති බවද කථානායකවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි කියැවේ.

popular news
-
vijitha herath Tuesday, 24 September 2019 07:42 AM
good
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

