ජනාධිපතිවරණය මැතිවරණයට ප්‍රථමය රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා නොදුන්නොත් මඩකලපුව දිස්ත්‍රික්කයේ 2000කට වැඩි රැකියා විරහිත උපාධිධාරීන් හා ඔවුන්ගේ ඥාතීන් ජනපති මැතිවරණය වර්ජනය කරන බව මඩකලපුව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසයි.
මඩකලපුව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති කේ. අලින් මහතාගේ ප්‍රධානත්යෙන් මඩකලපුව නගරයේ ගාන්ධි උද්‍යානයේදී රැස්වූ එම සංගමය මෙම තීරණය ගෙන තිබේ.
