ජනපතිවරණය පොලිතීන් හා පෝස්ටර් නැතිව කරමු
එළැඹෙන ජනපතිවරණයට ඉදිරිපත්වන සියලුම අපෙක්ෂකයන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය පොලිතීන් හා පෝස්ටර්වලින් තොරව පරිසරයට හානි දායක නොවන ලෙස සිදුකරන ලෙස තමන් ජනපති අපේක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
‘අද’ට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ඊළඟ ජනපතිවරණයට ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ සූදානම් වෙනවා. බොහෝ ජනපති අපෙක්ෂකයන් තමන් ජනපති අපෙක්ෂකයන් ලෙස නම්කරනවා. සමහරු ජනපති අපේක්ෂකයා වෙන්න උත්සාහ කරනවා.
පොදුජන පෙරමුණ 11දා ජනපති අපේක්ෂකයා නම් කරනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ කියලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය කියලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාම තීන්දුව ගනිමින් ඉන්නවා.
මැතිවරණයට සියලු දෙනාගේම අවධානය යොමුවී ඇති කාලසීමාවක්. මේ ජනාධිපති මැතිවරණය තීරණාත්මක මැතිවරණයක්. රටේ තියෙන සමාජ, දේශපාලන, ආර්ථික ගැටලු සමග රටේ අස්ථාවර භාවය ඇතිවෙලා. ජාතික ආරක්ෂාවට හානි වෙලා තිබෙනවා.
මම පෞද්ගලිකව යෝජනාවක් හා ඉල්ලීමක් කරනවා. සියලුම ජනාධිපති අපෙක්ෂකවරු තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය පොලිතීන් හා පෝස්ටර්වලින් තොරව පරිසයරයට හානි දායක නොවන අයුරුන් කළොත් හොඳයි කියන එක.”

popular news
-
Deepal Nirosh Thursday, 01 August 2019 12:11 PM
අනේ නාමල් බේබි, පොලිතීන් පෝසටර් වලට කලින් මේ වසරට නියමිත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ගන්න උත්සාහ කරන්න. මූදට හත් ගව්වක් තියාගෙන පොලිතීන් පෝස්ටර් අමුඩ ගහන්න හදන්න ඒපා.
Reply : 0 1
Lion Thursday, 01 August 2019 01:31 PM
නුවර wate mesareth rase yanawada
Reply : 0 1
Champa Friday, 02 August 2019 09:01 AM
පොලිතින් නැතුව ඉස්ඉස්සෙල්ලම මැතිවරණ ව්‍යාපාරය කලේ ඩලස් අලහප්පෙරුම මට මතක හැටියට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

