ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය වු නුවරඑළිය දිස්ත්‍රික්කය එළැඹෙන මහ මැතිවරණයේදි විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා රැගෙන ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 2/3 බහුතර බලයක් ලබා දිමට දායක වන බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.
ඊයේ (01දා) ගිනිගත්හේන අභිනවාරාම විහාරස්ථානයේදි ගිනිගත්හේන ප්‍රදේශයේ අමාත්‍යයවරයාව පිළිගැනිම සඳහා සංවිධානය කර තිබු උත්සවයක් අමතමිනි.
මෙම රැස්විමේදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු අති විශාල ජන වරම අනුව එලඹෙන මහ මැතිවරණයේදි ආසන 127 ලැබෙන බවත්, එම මැතිවරණයේදි පරාජය වු නුවරඑළිය සහ වවුනියාව යන දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරා රැගෙන යාම තුළින් මෙවර මහ මැතිවරණයේදි ආසන 150 කට වඩා බහුතර බලයක් ලබා ගත හැකි බවයි.
