ජනපතිවරණයේදී නිදහස් පක්ෂ නීත්දු අනුව කටයුතු කරනවා - ජනපති
තව මාස හතරකින් ජනපතිවරණය පැවැත්වෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගන්නා තීන්දු අනුව කටයුතු කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද (26දා) පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙක් ගැන කිසිම දේශපාලන පක්ෂයක් අවසන් තීරණයක් ගෙන නෑ. පක්ෂ වශයෙන් අභ්‍යන්තරව සාකච්ඡා පැවැත්වෙනවා. පක්ෂවල අභ්‍යන්තර ගැටුම් හා අවුල් ස්වාභායන් මීට පෙර අද වගේ කිසිම දවසක තිබිලා නෑ.
විපක්ෂය කියනවා ආණ්ඩුව අස්ථාවරයි කියලා. ආණ්ඩුව අවුල් කියලා. ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයේත් සියලු දේශපාලන පක්ෂ කටුයුතු අස්ථාවරයි. තව මාස හතරකින් එළැඹෙන ජනපතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිීරීම සිදුකළ යුතු වෙනවා.
සමහර අය මගෙන් අහනවා මම ඉදිරි ජනපතිවරණයට තරග කරනවද කියලා. මගේ දේශපාලන ජීවිතය දැන් අවුරුදු 52යි. මේ අවුරුදු 52 දේශාපලයේ එක් එක් සංධිෂ්ඨාන තිබුණා. හැරවුම් ලක්ෂ තිබුණා. ඒ සියල්ල ගත්තාම ඉදිරි ජනපතිවරණයත් මට මගේ දේශපාලන දිවියේ පසුගිය අවුරුදු 52 වගේ ඉදිරියට එන මැතිවරණයක්, ජනපතිවරණයක් තමයි.
ඒ මැතිවරණයේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගන්න තීන්දු තීරණ අනුව තමයි කටයුතු කරන්නේ. අද කාරක සභාව රැස්වෙනවා. එහිදී ඉදිරි ජනපතිවරණය ගැන සාකච්ඡා කරනවා. කිසිම දේශාපාලන පක්ෂයක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කර නැති නිසා අපිට හදිස්සියක් නෑ.”

popular news
-
batangala Wednesday, 26 June 2019 10:38 AM
චන්දෙ ඉල්ලලා ලක්ෂ තුනක් ගන්නවට වඩා විලිලජ්ජාව නැතිවුනත් පොහොට්ටුවට හේත්තුවෙලා එකම අයෙමත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය බවට පත්කරන උදාර චේතනාව නේද? එත් ඉතින් මිනිස්සු චන්දෙ පාවිච්චිකරන විදිය මේපාර ගොඩාක් වෙනස් වේවි
Reply : 0 0
Lion Wednesday, 26 June 2019 12:18 PM
ඔබට මේ රටේ මිනුසුන් Gedara වෙලා සැප විදින්න දෙන්නේ Naha රටට ඔබ කල විනාසයට .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

