ජනපතිවරණයේදි සමාජ මාධ්‍ය අවභාවිතකරන්නන් පිළිබඳ දැනුම් දිමට නව ක්‍රමවේදයක්
ජනාධිපතිවරණ කාල සීමාවේදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවහාවිතය පිළිබඳව නිරීක්ෂණය කිරීම සදහා අවශ්‍ය තොරතුරු සහ පැමිණිලි රැස්කරගැනීම සදහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නව විද්‍යුත් තැපැල් ලිපිනයක් හඳුන්වා දි තිබේ.
ඒ අනුව [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයින්ට හඳුන්වාදෙන අතර ජනාධිපතිවරණ කාල සීමාවේදී සමාජ මාධ්‍ය පරිශීලකයන්ට, ජනාධිපති අපේක්ෂක වරුන්ට හා විවිධ දේශපාලන කණ්ඩායම් වලට ජනාධිපතිවරණ කාල සීමාවේදී මුහුණපෑමට සිදුවන සමාජ මාධ්‍ය අවභාවිතයන් පිළිබඳව තොරතුරු ඉහත විද්‍යුත් ලිපිනය හරහා යොමු කළ හැකි බව එම සංගමය අදාළ පාර්ශවයන්ට දැනුම් දෙනු ලැබේ.
පැමිණිලි ඉදිරිපත් කිරීමේදී පැමිණිල්ලට අදාළ screenshots සහ අදාළ link එම පැමිණිල්ල සමග අමුණා එවිම මගින් ඔවුන්ගේ නිරික්ෂණ කටයුතු සාර්ථක කරගැනීමට හැකිවන බව එම පැමිණිලි යොමුකරන්නන් හට එම සංගමය අවධාරණය කර සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
