ජනාධිපතිවරණය සඳහා කොපමණ මුදලක් වැය කළේද යන්න සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ කිසිවක් මේ වනතුරු කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇති බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා පැවසීය. පසුගිය නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් සිදුකරන වියදම් පිළිබඳ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය අධ්‍යයනය කරමින් සිටින බවත්, ඒ සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂවලින් විමසීම් කළ බවත් හෙතෙම සඳහන් කළේය. එම විමසීම සඳහා කුඩා දේශපාලන පක්ෂ යහපත් ප්‍රතිචාර දැක්වුවද, ප්‍රධාන දේශපාලන පක්ෂ ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවද මංජුල ගජනායක මහතා අවධාරණය කළේය. මැතිවරණ මූල්‍ය වියදම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් නීතියක් නොමැති අතර, ඒ සම්බන්ධයෙන් නීතියක් සකස්කර ගැනීමේ අරමුණින් මෙලෙස මූල්‍ය වියදම් නිරීක්ෂණය ඇරඹූ බවද ගජනායක මහතා පැවසීය.
එසේම මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා සිටින පරිදි මැතිවරණය සඳහා මුදල් වියදම් කිරීමේ වාර්තාවක් ඉල්ලා සිටින ලෙස තමා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවද මංජුල ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.