ජනපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බව දයා කියයි
ඉදිරියේ පැවැත්වෙන ජනපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ නම් තමන් ඒ සඳහා ඉදිරිපත්වීමට සූදානම් බව අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිරිකොත ඉදිරිපිටදී මාධ්‍ය අමතමින් පැවැසීය.
“දිනන අශ්වයෙක් දාන්න ඕන. සජිත් ප්‍රේමදාස මහතාත් හොඳයි. දයා ගමගේ මහතා කිව්වා කවුරුවත් ඉදිරිපත් වනේනේ නැත්නම් එතුමා ඉල්ලනම් කියලා.
ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. නවීන් දිසානායක මහත්තයා ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතා ඉන්නවා. හැට හුට හමාරක් ඉන්නවා.
දයා ගමගේ මහත්තයත් කිව්වේ වෙන පක්ෂයෙන් කෙනෙක් දාන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් දාන්න කියලා.”

popular news
-
Sam Wednesday, 19 June 2019 10:32 PM
ගොන්නු හැට හුට හමාරක් ඉන්නවා....! ඕන එකෙක් දන්න පුලුවන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

