ජනපතිට සම්මාන උපාධියක්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විබුධ ජන ප්‍රසාදක සම්මාන උපාධියෙන් පිදුම් ලබා තිබේ.
ඒ ඊයේ (29දා) කොළඹ නෙලුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවයේදීය.
මෙම උත්සවය ඇමතූ ජනපතිවරයා සඳහන් කළේ , ශ්‍රී ලාංකිකයන් ඉතාමත් ප්‍රාචීන දහමකට උරුමකම් කියන බවයි.
අවුරුදු දෙදහසකට වැඩි කාලයක් එකම ජනවර්ගයක් එකම භාෂා කුලකයක් ව්‍යවහාර කරන පිරිස සිංහලයන් බැවින්, තවත් දීර්ඝ කාලයක් ඒවා රැකගැනීමේ වගකීම මතු පරපුරට පැවරෙන බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් 2012 වර්ෂයේ සිට 2017 දක්වා පවත්වන ලද ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් සමත් 300ක පමණ පිරිසක් සඳහා ප්‍රාචීන පණ්ඩිත උපාධි පිරිනැමීම මෙහිදී සිදු විය.

popular news
-
bandara Friday, 30 August 2019 01:58 PM
මීට වඩා බුදුදහමට සේවය කරපු ය ඉන්නවා සම්මාන දීමට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

