ජනපතිගේ ප්‍රකාශයෙන් පැහැදිලිවන්නේ අගමැති සමග වැඩකළ නොහැකි බවයි
ජනාධිපතිවරාගේ පළමු දින 100 අසාර්ථක වූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන බවත් එම ප්‍රකාශවලින් පැහැදිලිවන්නේ අගමැතිවරයා සමග වැඩ කිරීමට නොහැකි බව යැයිද ජනතා විමුක්තිපෙරමුණ සඳහන් කරයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයා සතුව තිබූ බලතල ප්‍රමාණයක් අගමැතිවරයා යටතට හා ස්වාධීන කොමිෂන් සභාවෙත පැවරූ බවද එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
මේ නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා වැඩ කිරීමට නොහැකි වී තිබෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරමින් තිබෙන බවත් ඒ තුළින් පැහැදිලි වන්නේ අයියා සමග වැඩ කිරීමට නොහැකිද යන්න බවද අද (08දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ආණ්ඩුවේ දින 100 වැඩ පිළිවෙල සේම උපාධිධාරීන්ට රැකියා ලබාදීම හා රැකියා ලක්ෂයේ වැඩ පිළිවෙල අසාර්ථක වී තිබෙන බවත් රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල් සම්මුඛ පරීක්ෂණ කටයුතු ජංජාලයක් බවට පත්ව තිබෙන බවද පවසා සිටියේය.
popular news
-
janahitha Monday, 09 March 2020 09:07 AM
රටේ අස්ථාවර බාවයට ජ වී පෙ සම්පුර්ණයෙන්ම වගකිව යුතුය එජාප අදුර දර්ශි සහ සුළු ජාතික චන්ද ඉලක්ක කරගත් සියලුම අනපනත් වලට ද්‍රවිඩ සන්දානය සහ මුස්ලිම් කොන්ග්රසය සමග සහයෝගය දුන්න
Reply : 0 0
Deepal Nirosh Monday, 09 March 2020 01:40 PM
ඉතින් පහුගිය අවුරුදු හතර පුරාවට තේරුම් ගන්න බැරි වෙච්චි දේ මේ ජනපතිගෙ ප්‍රකාශයෙන්වත් තේරුම් ගත්ත එක ලොකු දෙයක්. යමක් තේරුම් ගන්න ගතවෙන කල්?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
