ජනපතිගේ ප්රකාශයට පාර්ලිමේන්තුවේ විරෝධය
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට රුපියල් ලක්ෂ 04ක දීමනාවක් ලැබෙන බවට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සිදුකර තිබෙන ප්රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්රීවරුන් අද (07දා) සිය විරෝධය පළ කළහ.
මෙම ප්රකාශය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට අපහාසයක් සිදුකර ඇතැයි එම මන්ත්රීවරුන් පෙන්වා දුන්හ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී විමලවීර දිසානායක මහතා මෙම කරුණ සභාවේ අවධානයට යොමුකළ අතර, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, මන්ත්රීවරුන්ට එවැනි දීමනාවක් නොලැබෙන බවයි.

popular news
-
Champa Thursday, 08 August 2019 05:43 AM
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට අපහාසයක්? අපහාසේ කරලා තියෙන්නේ ජනතාවට. අරහේ දරුවෝ මන්දපෝෂණයෙන් මැරෙනවා. තව කාන්තාවක් දරුවත් එක්ක කෝච්චියට පනින්න ගියා කන්න සල්ලි නැතුව. හොඳ වෙලාවට පොලිසියෙන් බේරා ගත්ත. තව මොන තරම් මිනිස්සු බඩ ගින්නේ ඉන්නවා ඇත්ද? දීමනාව ලක්ෂ 4යි. එතකොට තව වැටුප කීයද? ඇත්ත කියන කොට 225ට තද වෙලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

