ජනපතිගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට UN ප්‍රසාදය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය ප්‍රසාදය පළ කරයි.
ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වූ හැනා සිංගර් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
දිළිදුබව පිටුදැකීම, කාලගුණික විපර්යාස, රජයේ ආයතන ඩිජිටල්කරණය, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව කළමනාකරණය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක් කෙරිණි.
දිළිඳුකම පිටුදැකීම රජයේ ප්‍රධාන අරමුණකි. අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා ලබාදීම සහ සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳව ද ජනාධිපවරයා නියෝජිතවරිය දැනුවත් කළේය.
අධ්‍යාපන ක්ෂේත්රය, තොරතුරු තාක්ෂණ විෂය ප්‍රවර්ධනය සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය යන කටයුතුවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබාදීමට නියෝජිතවරිය පොරොන්දු වුවාය.
අතුරුදන් වූ පුද්ගලයන් පිළිබද ගැටලුව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ. අදාළ පවුල්වල ජීවනෝපායමාර්ග සංවර්ධනය වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය. තම දේශපාලන අභිලාෂයන්ට පටහැනිවිම හේතුවෙන් ද්‍රවිඩ දේශපාලනඥයන් එම පියවර ප්‍රතික්ෂේප කළද රජයේ අරමුණ වන්නේ අගතියට පත් පවුල්වල යහපත සැලසීම බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

-
Ha hodayi Saturday, 18 January 2020 05:13 PM
Media walata fena news boru unath aththa wage deepalla. Naththan oati role wenne wada karanna thatamana vieuwage. Awilla harenna vitharayi wune thma koheda ban oya kiyana thirasara sanwardane korala thiyenne. Miris palayak hiteuwath thama karalak enna welawak naha. Boru nokiya nikam hitapiyau 69 ye api modayo unata ochcharama gon naha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

