ජනපතිගේ කුමන්ත්‍රණය දැන් පිළිකාවක් වෙලා - සරත් විජේසූරිය
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔක්තෝබර් 26 දා නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීම හරහා සිදුකළ කුමන්ත්‍රණය දැන් පිළිකාවක් බවට පත්ව ඇති බව සාධාරණ හෙටක් ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි. කොළඹදී පැවැති සත්‍යග්‍රහය ආරම්භ කරන අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කුමන්ත්‍රණය පිළිකාවක් වෙලා. අරුන්දික කථානායක පුටුවේ වාඩි වෙන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුදැනුම මතයි. කතානායකතුමා එදා පොලීසිය නැතිව පාර්ලිමේන්තුවට ආවා නම් ඝාතනය කරනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට ලැබුණ ජනවරමට පිටුපාලා ඉන්නේ. ඔහුට දැන් ජනවරමක් නෑ. ඔහුට ඡන්දය දුන් හැට දෙලක්ෂයක් වන ජනතාව වල පල්ලට යැව්වා. ජනපතිවරයා ව්‍යවස්ථාව කුණු කූඩයට දැම්මා.
මේ නැති කරන්නට හදන්නේ අපේ රට. දරුවන්ගේ අනාගතය. මානව හිමිකම් නැති කරන්නයි උත්සාහ කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන හැමදාම බුදුන් වදින පුද්ගලයෙක් ලෙස ඔහුට ප්‍රඥාව පහළ වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා”
popular news
-
sameera Wednesday, 21 November 2018 07:38 PM
සහතික ඇත්ත. මෙතුමනම් හැබෑම මහාචාර්ය වරයෙක්.
Reply : 0 0
Prabath Wednesday, 21 November 2018 07:47 PM
මහාචාර්ය නමටත් කැළලක්.
Reply : 0 0
premarathne Wednesday, 21 November 2018 08:40 PM
කවුද මෙයාට මහාචාර්ය පට්ටම දුන්නේ ? පළමුව රට කියාමෙයාට කියලදෙන්න පහේ පන්තිය පාස් උන ළමයෙක්වත් නැද්ද අනේ?
Reply : 1 0
මුණසිංහ Thursday, 22 November 2018 07:21 AM
ඔයාලගේ ඩොලර් කල්ලිය රටටම පිළිකාවක් වෙලා. මේ කෑගහන්නේ ඩොලර් ටික නැති වෙනවට.
Reply : 0 0
metha Friday, 23 November 2018 07:54 PM
මේ මනුෂ්‍ය මොනවද කියන්නේ නිදිමතේ වගේ පෙනේනේ
Reply : 0 0
TILAK Saturday, 24 November 2018 09:57 PM
අපි කැමති ඔයත් එක්ක බේරුවල බොක්කට දානවට . ඔයත් වග කිව YUTHUI
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

